ඩීසල් හිඟය : හෙට සිට පෞද්ගලික බස් ධාවනය නවතින ලකුණු !

Date:

පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවුණහොත් හෙට (04) දිනය වනවිට පෞද්ගලික බස් ධාවනය සම්පූර්ණයෙන්ම පාහේ අකර්මණ්‍ය වනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

“ඩීසල් ටික ගහගන්න බහුතර බස් ප්‍රමාණයකට හැකියාවක් ලැබුණෙ නෑ. මොකද, පෝලිමේ ඉඳලා ඩීසල් ලබාගැනීම ගැන බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. ඊයේ දිනයේ හතරෙන් දෙකක වගේ බස් ධාරිතාවක් දිව්වා. අද එය තවත් පහළට යනවා. විශේෂයෙන්ම කියන්නට ඕනෙ හෙට දිනයේ දැන් ඉන්ධන ලැබුණෙ නැත්නම් සාමාන්‍ය පරිදි බස් ධාවනය පූර්ණ වශයෙන් අකර්මණ්‍ය වෙනවා. ඒක නිසා අද දිනයේ අපි බලාපොරොත්තු වෙනවා අඩු ගාණේ ලංගමෙන් වත් අපට ඉන්ධන ලබාදෙන්න කටයුතු කරයි කියලා, ප්‍රවාහන අමාත්‍යවරයා පොරොන්දු වූ පරිදි. එසේ නොවුණොත් බරපතළ ගැටලුවක්”

ගැමුණු විජේරත්න මහතා මේ බව පැවසුවේ අද (03) උදෑසන මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිගම සභාපතිට අදත් ඝන පූරණය නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් වැලිගම...

ICC ශ්‍රී ලංකා සභාපති ලෙස ජොනී ප්‍රනාන්දු පත්වෙයි!

කොළඹ LNW:දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී...

ජපාන කැබිනට් මණ්ඩලය 2026 වර්ෂය සඳහා වාර්තාගත ආරක්ෂක අයවැයක් අනුමත කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: චීනය සමඟ...