සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ජනවාරි මස 03 වනදා 2024 නව වසරේ පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සිදු කරන බව ශ්රී ලංකා මහ බැංකුව පවසනවා.
ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, ඒ අනුව රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වන බවයි.
දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇