දුෂ්කර වසරක් පසුකරමින් 2024ට ආයුබෝවන් කියූ ශ්‍රී ලංකාව!

Date:

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW):
2024 හෙවත් මේ වසරේ මැද භාගයේදී පැවැත්වීමට නියමිත ඉදිරි මැතිවරණ පැවැත්වීම සඳහා ප්‍රමාණවත් මුදල් රජය සතුව ඇති බව භාණ්ඩාගාරය විසින් තහවුරු කිරීමත් සමඟ මේ එලැබෙන්නේ ශ්‍රී ලංකාවේ අතීතය මෙනෙහි කිරීමට සහ අනාගතය අපේක්ෂා කිරීමට කාලයයි.

ශ්‍රී ලංකාව 2024 නව වසර පිළිගත්තේ, වැට් බදු ඉහළ දැමීම වැනි බදු සංශෝධන ඇතුළු නව නීති කිහිපයක් ක්‍රියාත්මක කිරීම වැනි වෙනස්කම් කිහිපයක් සිඳු කරමිනි.

මේ වසරේ, විශාල ජනගහනයක් සහිත රටවල් හතක් ඇතුළුව රටවල් 40කට වැඩි ප්‍රමාණයක් ජාතික මැතිවරණ පැවැත්වීමට නියමිත අතර, නායකත්වයේ සැලකිය යුතු වෙනස්කම් ඇති විය හැකිය.

පැවැත්වීමට නියමිත ඉදිරි මැතිවරණ පැවැත්වීම සඳහා රජය සතුව ප්‍රමාණවත් අරමුදල් සපයා ඇති බව භාණ්ඩාගාරය අනාවරණය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ද මැතිවරණයකට සූදානම් වීමට නියමිතය.

මැතිවරණ කොමිෂන් සභාව (EC) පසුගියදා ප්‍රකාශ කළේ තමන් ඉදිරිපත් කළ මුළු අයවැය ඇස්තමේන්තුවේ රු.බිලියන 10ක් මෙවර ජනාධිපතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ සඳහා භාණ්ඩාගාරය සතුවන බවයි.

මැතිවරණ කොමිෂන් සභාවේ වාර්තාවට අනුව, ඉදිරි ජනාධිපතිවරණය ලබන වසරේ සැප්තැම්බර් 16 සහ ඔක්තෝබර් 17 අතර පැවැත්වීමට අපේක්ෂා කරන අතර, මහ මැතිවරණය 2025 දී පැවැත්වීමට සැලසුම් කර ඇත.

මේ අතර, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන දෙකම ලබන වසරේ පැවැත්වීමට නියමිත බව ජනපති රනිල් වික්‍රමසිංහ පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) සංඛ්‍යාලේඛනවලට අනුව, අපනයනවල වැඩිදියුණු වීමක් සහ ආනයනවල සංකෝචනයක ඒකාබද්ධ බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස, 2023 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල වෙළඳ හිඟය පෙර වසරකට සාපේක්ෂව අඩු විය.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව 2023 ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව 2023 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 968.8 (4.4%) ක වර්ධනයක් වාර්තා කරයි.

මාසික සේවක ප්‍රේෂණ ඩොලර් මිලියන 500 ඉක්ම වූ අතර 2022 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 2023 නොවැම්බර් මාසයේදී කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉටුනොවූ යුක්තියේ පසුවිපරම – නිමලරාජන් ඝාතනයේ නඩු වාර්තාව එළිදක්වයි! (PHOTOS)

කොළඹ LNW: ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී නිමලරාජන් මෛල්වාගනම්ගේ නඩු විභාගයේ...

Celebrity Buzz: තරු පිරුණු රැයක උන්මාදය සමඟින් MTV VMA!

සටහන – පුලී සැප්තැම්බර් 08, කොළඹ (LNW): මෙම වසරේ පැවැති විශාලතම...

ආන්දෝලනාත්මක මිද්දෙණිය ඉඩමෙන් අදත් මතු වූ පොලිස් උපකරණ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : මිද්දෙණිය පොලිස් ස්ථානයේ...

අගවිනිසුරුවරයා ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කරලා: සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අගවිනිසුරුවරයා ගමන් ගත්...