*
Tuesday, May 21, 2024
spot_img

Latest Posts

සුරා බද්ද ඉහළ දමමින් ගැසට් නිවේදනයත් නිකුත් කරයි!

කොළඹ LNW: අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සුරාබදු ඉහළ නංවා තිබේ.

ඒ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.

එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ මෙරට පිහිටුවන ලද බලපත්‍රලත් යම් නිෂ්පාදනාගාරයක නිපදවනු ලැබූ ඉන් නිකුත් කරනු ලබන්නා වූ විශේෂ අරක්කු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6000ක් වන බද්ද රුපියල් 6840 ක් දක්වා ඉහළ නංවන බවයි.

මේ අතර මෙරට නිපදවනු ලබන මෙරට සෑදූ විදේශීය ස්ප්‍රීතු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6600ක් වන බද්ද රුපියල් 7320ක් දක්වා ඉහළ නැංවෙයි.

එමෙන්ම සුරාබදු සහ වැට් බද්ද ඉහළ දැමීමත් සමග අද සිට කාණ්ඩ 3ක් යටතේ දුම්වැටි මිලද ඉහළ නංවා ඇතැයි ලංකා දුම්කොළ සමාගම නිවේදනය කරයි.

ඒ අනුව රුපියල් 5කින්, රුපියල් 15කින් සහ රුපියල් 25කින් ලෙස දුම්වැටි මිල ඉහළ යාමට නියමිතයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan