අපට බඩු මිල පාලනය කරන්න අසීරුයි. හැමෝම ගෙවතුවල මොන මොනවාහරි හිටවාගන්න – බන්දුල (VIDEO)

Date:

මේ අවස්ථාවේදී බඩු මිල පාලනය කිරීමට අසීරු තත්වයක් උද්ගත වී ඇති හෙයින් තම තමන්ගේ නිවෙස්වල ගෙවතුවල මොන මොනවා හෝ වගා කරගන්නා ලෙස වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

“මේ අවස්ථාවේදී මිල පාලනයක් කරන්න අසීරු තත්වයක් තියෙනවා. මොකද මුළු ලෝකය පුරාම ලෝක වෙළඳපොලේත් ශ්‍රී ලංකාවේ වෙළඳපොලේත් භාණ්ඩවල හිඟයක් තියෙනවා. හිඟයක් තියෙන අවස්ථාවකදී මිල පාලනයක් කළොත් විශාල කළුකඩ මිලක් ඇතිවෙනවා. ඒක නිසා ඒ තත්වය වැළැක්වීම සඳහා කරන්න පුළුවන් දේ තමයි රජය මැදිහත් වෙලා ඒ වෙළඳපොලට තරගකාරීත්වයක් ඇතිකිරීම.

සිංහල අවුරුද්ද වෙනවිට ඵල දරන්න පුළුවන් පරිදි අපේ සෑම නිවසකම වගේ මිරිස් පැල කිහිපයක්, බටු පැලයක්, නිවිති වැලක්, මේ වගේ කෙටිකාලයකදී ඵල ලබන්න පුළුවන් දේ ලබාදීම සඳහා අපි යෝජනා කරලා තියෙනවා කඩිනම් වගා සංග්‍රාම වැඩසටහනක් ආරම්භ කරන්න කියලා. මේ ජනවාරි මාසෙ ඉඳන්වත් තම තමන්ගේ ගෙවත්තෙ පවා මොනවා හරි සිටවාගන්න. මේ නිෂ්පාදනය වැඩිකිරීම පමණයි මේ බඩුමිලේ ප්‍රශ්නයට, ජීවන විදයමේ ප්‍රශ්නයට තියෙන එකම උත්තරය”

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (25) තඹුත්තේගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞදි ඔටුන්න හිමි කුමරුගේ ධවල මන්දිර සංචාරයට පෙර ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රධාන අවි ගනුදෙනුවකට අත්සන් තබයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදිහි ඔටුන්න...

සාධාරණ ක්‍රීඩා තරුව තේරීම අවසන් තිදෙනා දක්වා කෙටි කෙරේ – තීරණය 29 වන දා

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

මෙහෙමත් රැලි ….

මත්ද්‍රව්‍ය වසංගතය යනු රැකියා වියුක්තිය, නාගරික පැල්පත් වැඩිවීම, නූගත්කම...

තැපෑලට වෙනසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18) දින...