ගෝලීය නවෝත්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ තැන චීනයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 04 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජාත්‍යන්තර ‍බුද්ධිමය දේපළ සහයෝගිතාව හා පාලනයේ දී චීනය ගන්නා පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා ඊයේ (03) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ පවසා සිටියේ, ලෝක ‍බුද්ධිමය දේපළ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ චීනය වැදගත් ස්ථානයක පසුවන බවයි.

Wang Wenbin

ඔහු පෙන්වා දුන්නේ, පේටන්ට් සහයෝගිතා ගිවිසුමට එක් වී වසර 30 ක් තුළ, බුද්ධිමය දේපළ පිළිබඳ නීති පද්ධතිය අඛණ්ඩව සංවර්ධනය කරමින් සිටින චීනය, ජාත්‍යන්තර බුද්ධිමය දේපළ සංවිධානය සමඟ ජයග්‍රාහී සහයෝගිතා‍ ගොඩනගා ඇති බවයි.

එම ගිවිසුමට අනුව චීන‍ය ඉදිරිපත් කර ඇති ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව අනුව අඛණ්ඩ වසර 4 ක් තිස්සේ ලොව පළමු ස්ථානය හිමි කර ගෙන තිබෙන අතර , මේ හේතුවෙන් ගෝලීය නවෝත්පාදන ක්ෂේත්‍රයේ වැදගත් කොටසක් චීනයට හිමි ව ඇතැයි ද Wang Wenbin මහතා කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...