අපේ ආණ්ඩුවේ ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලය මඟින් වංචාව දූෂණය තුරන් කරනවා – මන්ත්‍රී හර්ෂ

Date:

කොළඹ LNW:තමන් එජාපෙන් එළියට පැමිණ සජිත් ප්‍රේමදාස මහතාව සජබ නායකයා කළේ ජනාධිපති කිරීමට කිරීමට වන අතර සමඟි ජන බලවේගයේ ආණ්ඩුවක් තුළින් ස්වාධීන නඩු පැවරිමේ කාර්යාලයක් ඇති කර ඒ තුළින් රටේ වංචාව දූෂණය තුරන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

තම පක්ෂ විද්වත් කමිටු සමඟ රටේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන බවත් එම වැඩපිළිවෙල ආණ්ඩු මාරු වූ වහාම ක්‍රියාත්මක කිරිම ආරම්භ කරන බවත් ඔහු කියාසිටියි.

රටට අවශ්‍ය ආර්ථික වැඩපිළිවෙල ගැන සමගි ජන බලවේගයට සියයට සීයක අවබෝධයක් තිබෙන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

‘‘ආර්ථික අර්බුදය හේතුවෙන් රටෙන් 60%ක් අධික දුෂ්කරතාවයකට පත්වී සිටින බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. රටෙන් 90%ක් ජීවත් වීම සඳහා නොයෙකුත් ක්‍රමවේද භාවිතා කරන බව ද එම සමික්ෂණයෙන් හෙළි වී තිබෙනවා. වැට් බදු වැඩි කිරිම හරහා ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් වැඩියෙන්ම පිඩාවට පත්වී ඇත්තේ රටේ අහිංසක දරුවන්. දරුවන්ගේ පෝෂණය සඳහා ලබාදෙන ආහාර සඳහා වැට් බද්ද අය නොකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියත් ඊට හොද ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. ආණ්ඩුව කියනවා අවුරුදු 20ක ට පසුව භාණ්ඩාගාරයේ සියලුම බිල්පත් ගෙවන්න හැකි වුණා කියලා. ඒක හොද දෙයක්. ඒ බිල්පත් ගෙවීම සඳහා ජනතාවට අධික ලෙස බදු පැටවීම හරහා ජනතාවට ජිවත් වීමට නොහැකි වෙනවා. ආණ්ඩුව බලාපොරොත්තු වුණ ප්‍රමාණයට වඩා බදු එකතු වෙලා තිබෙනවා. බිලියන 3,100 ක් පමණ බදු එකතු වෙලා තිබෙනවා. දළ දේශිය නිෂ්පාදනයට සාපේක්ෂව 11.2% ක් බදු ලෙස එකතු කරගෙන තිබෙන බව වාර්තා වෙනවා. මේ අගය 13% කට ගෙන ඒමට රජය උත්සහ කරන බව වාර්තා වෙනවා. 8%කට වඩා අඩුවෙන් තිබුණ දළ දේශීය නිෂ්පාදනය 11.2%ක් දක්වා ගෙනියවා කියන්නේ ආර්ථික විද්‍යාව පැත්තෙන් ගත්තොත් සතුටු වෙන්න පුළුවන් කාරණයක්. නමුත් ඒ සතුටු වෙන කාරණය ලබාගැනීමට ජනතාව විදින දුක දිහා බැලුව සතුටුවෙන්න පුළුවන් කාරණයක් නෑ” යනුවෙන් හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...