නවතා තිබූ සංචාරක කලාප සංවර්ධන ව්‍යාපෘතිය යළි ඇරඹේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 04 කොළඹ (LNW): ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඇතිව, පසුගිය කාලය පුරා කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් නතර කොට තිබු සීගිරිය – දඹුල්ල සහ ත්‍රිකුණාමලය සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යළි ආරම්භ කර ඇති බව සඳහන් වේ.

මෙම ව්‍යාපෘතිය 2019 වසරේදී ආරම්භ කෙරුණු අතර, රටේ ඇතිවූ කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව නතර කරණු ලැබීය.

නමුත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ, 2024 වසරේදී එම ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි.

සීගිරිය – දඹුල්ල සහ ත්‍රිකුණාමලය නගරවල හදුනා ගන්නා ලද ස්ථාන සංරක්ෂණය කිරීම සහ සංවර්ධනය කිරීම මේ යටතේ සිදු වේ.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් රටට විශාල ආදායමක් උත්පාදනය කරගත හැකි බවයි.

ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තු ගත මුළු මුදල රුපියල් මිලියන 1,045 කි.

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඉන් රුපියල් මිලියන 320 ක් මේ වසර සදහා වෙන් කර ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...