බැඩ්මින්ටන් පරිපාලනයේ ආසියාවේ ප්‍රබලයෙක් ශ්‍රී ලංකාවට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 04 කොළඹ (LNW): ශ්‍රි ලංකා බැඩ්මින්ටන් සභාපති රොහාන් ද සිල්වා මහතා ඇතුළු විධායක කමිටු නිළධාරින්ගේ ආරාධනාවකට අනුව ආසියානු බැඩ්මින්ටන් සංවර්ධන කමිටුවේ කළමනාකරු වන මැලේසියානු ජාතික තානා බාලන් ශ්‍රි ලංකාවට පැමිණියා..ශ්‍රි ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රිඩාව තව දුරටත් නඟා සිටුවිමට, පුහුණුකරුවන්ගේ දැණුම යාවත්කාලීන කිරීම සමඟ සමස්ත බැඩ්මින්ටන් ක්‍රිඩාවේ සංවර්ධනය උදෙසා අවශ්‍යය මඟ පෙන්වීම සිදු කිරීම සිය ශ්‍රි ලංකා සංචාරයේ අරමුණ බව තානා බාලන් පවසා සිටියා.


බණඩාරනායක ගුවන් තොටුපළේදී ඔහුව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් වෙනුවෙන් පිළිගැනීම සඳහා ඉදිරිපත් වුණේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් හී පුහුණුකරුවන්ගේ දැණුම වර්ධනය කිරීමේ කටයුතු භාර උප සභාපති බුද්ධික සිල්වා ඇතුළු විධායක කමිටු නිලධාරීන් විසින් වන අතර ඔහු දින කිහිපයක් ලංකාවේ රැඳෙමින් මේ වන විට ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රියාත්මක වන ආකාරය සහ එහි සංවර්ධනය උදෙසා කළ යුතු සංශෙෘ්ධන ගැන සාකච්ඡා කිරීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...