වෙළෙඳ ඇමතිගේ පුරෝකථනය!

කොළඹ LNW:2024 වර්ෂය ධන ආර්ථික වර්ධන වේගයක් සහිතව ආරම්භ කිරීම නිසා මෙම වසරේ පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩුවන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

පාරිභෝගික අධිකාරිය වෙනුවෙන් මෙම වසර තුළ නව වැඩපිළිවෙලක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එමඟින් පාරිභෝගික අයිතිවාසිකම් වඩාත් සුරක්ෂිත කිරීමට කටයුතු කරන බව හෙතෙම කියාසිටියි.

ඉන්දියාව ලූණූ අපනයනය නැවැත්වීම නිසා එහි පීඩනය මෙරටටද බලපා තිබෙන අතර ඉදිරි සති දෙක තුළ ඉන්දියාව සිය ලූණු අපනයන සීමා ලිහිල් කිරීමත් සමග එම ගැටලුව විසදෙනු ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පවත්වන මාධ්‍ය හමුවේදීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...