ඔන්න අපේ අපේක්ෂකයා මම නම් නෙවෙයි!

කොළඹ LNW: පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ, අද (04) මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජනාධිපතිවරයා විසින් ක්ෂණිකව ආණ්ඩුව විසුරුවා හැරියද මැතිවරණවලට මුහුණ දීමට සූදානම් බවයි රාජපක්ෂ මහතා අවධාරණය කළේ.

මේ අතර එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ ජනාධිපති අපේක්ෂකයා සඳහා නම් කිහිපයක්ම ඇති නමුත් තමන් ඒ අතර නොමැති බවයි.

අවශ්‍ය මොහොතේදී අපේක්ෂකයා පිළිබඳ තීරණය කරන බවද හෙතෙම කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රු. මි. 51ක් වටිනා කුෂ් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර...

කොත්මලේ වාන් දොරටු විවෘත කිරීමට පෙර මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කොත්මලේ...

චීන ආයෝජන සීමා පුළුල් කිරීමට ඇමරිකාව ගත් තීරණයට චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:විදෙස් ආයෝජන සඳහා වන සීමා කිරීම් පුළුල් කිරීමට...

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...