විවිධ හේතු මත එන්නත ලබා ගැනීමට නොහැකි වූ දරුවන් වෙනුවෙන් සරම්ප එන්නත් සායන තුනක් ඉදිරියේදී..

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

ජනවාරි 07,
මහනුවර (LNW):සරම්ප එන්නත ලබා ගැනීමට නොහැකි වූ දරුදැරියන් සඳහා මෙම මස තුළදී යළි සායන කිහිපයක් පැවැත්විමට තීරණය කොට ඇතැයි මහනුවර දිස්ත්‍රික් වසංගතවේදඥ ක්‍රිෂාන්ත සමාරච්චි මහතා පවසයි.

උණ ඇතුලු විවිධ හේතු මත එන්නත ලබා ගැනීමට නොහැකිවූ පිරිස් වෙනුවෙන් මෙම මස 13, 20 සහ 27 යන දිනවලදී මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදී පස්වරු 03.00ට එන්නත ලබා දෙන බව වෛද්‍යවරයා කීවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ ඉලක්කගත කණ්ඩායමෙන් 90.4%ක් එන්නත ලබා ගත් බව කී ඒ මහතා එය දෙවැනි වන්නේ යාපනය දිස්ත්‍රික්කයට පමණක් යැයි ද ප්‍රකාශ කළේය. 3550කු එන්නත ලබා ගත් බව කී ඔහු 75 දෙනෙකු එන්නත ප්‍රතික්ෂේප කළ බව ද කීවේය.

ආගමික විශ්වාස ඇතුලු විවිධ හේතුමත එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන පිරිස් පවා සිය දරුවන්ට එන්නත ලබාදීමට උනන්දුවීම කැපී පෙනෙන කරුණක් යැයි ද මහනුවර දිස්ත්‍රික් වසංගතවේදඥ ක්‍රිෂාන්ත සමාරච්චි මහතා වැඩිදුරටත් පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දේශිය රග්බි පිටියේ ප්‍රධානතම...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ වාන් දමන ජලාශ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:යළි වර්ෂාව ඇද හැලීමත්...

WHO සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ දෙවන ගෝලීය සමුළුව ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඊයේ (17) දින...

රු. බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වය මත...