සරණාගත කඳවුරේ ගින්නක් හේතුවෙන් රෝහින්ග්‍යා වැසියන් 4000කට නිවාස අහිමි වේ

Date:

සටහන – සශිකලා මධුෂාණි

ජනවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ ගිනිකොන දෙසින් පිහිටි උකියා දිස්ත්‍රික්කයේ හි ලොව විශාලතම සරණාගත ජනාවාසවලින් එකක් වන Kutupalong රොහින්ග්‍යා සරණාගත කඳවුරු සංකීර්ණයේ ඇතිවූ ගින්නක් හේතුවෙන් රෝහින්ග්‍යා වැසියන් 4000කට නිවාස අහිමි වී ඇති බව සරණාගත කොමසාරිස් මිසානුර් රහ්මාන් නිවේදනය කර තිබේ.

අද(07) අලුයම ඇති වූ ගින්න හේතුවෙන් අධ්‍යාපන මධ්‍යස්ථාන පහක් සහ මුස්ලිම් පල්ලි දෙකක් ද ඇතුළුව අවම වශයෙන් නවාතැන් 711 ක් සම්පූර්ණයෙන්ම පිළිස්සී ඇති අතර 63 ක් අර්ධ වශයෙන් හානි වී ඇත. මේ වන විට ගින්න පාලනය කර ඇති අතර ජීවිත හානි කිසිවක් වාර්තා නොවේ.

රොහින්ග්‍යා සරණාගත කඳවුරුවල ප්‍රචණ්ඩත්වය බහුලව දක්නට ලැබෙන අතර සරණාගත කඳවුරු ගිනි ගැනීම් සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. 2023වසරෙ මෙම කඳවුරේම ඇතිවූ ගින්නක් හේතුවෙන් නවාතැන් 2,000 ක් විනාශ වූ අතර මීට වසර දෙකකට පෙර, එම කඳවුරේම ඇති වූ ගින්නකින් අවම වශයෙන් රොහින්ග්‍යාවරුන් 15 දෙනෙකු මිය ගිය අතර 50,000 ක් නිවාස අහිමි විය.

බංග්ලාදේශය, ලක්ෂ සංඛ්‍යාත රෝහින්ග්‍යා වැසියන්ගේ නිවහන වන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් බෞද්ධ බහුතරයක් සිටින මියන්මාරයේ වෙනස්කොට සැලකීම හේතුවෙන් පැමිණි මුස්ලිම් වරුන්ය. ඔවුන් 2017 මිලිටරි මර්දනය හේතුවෙන් රැකවරණය ලබා ඇති අතර 2021 දී හමුදාව විසින් රජය අත්පත් කර ගැනීමෙන් පසු මියන්මාරයේ තත්ත්වය නරක අතට හැරී ඇති අතර රෝහින්ග්‍යා සරණාගතයින් ආපසු යැවීමට ගත් උත්සාහයන් අසාර්ථක වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...