සටහන – රෂිකා හෙන්නායක
ජනවාරි 08 කොළඹ (LNW): සුරතල් මසුන් අලෙවි කරන්නෙකු වන 24 හවිරිදි පුද්ගලයකු, සිය වසර 6ක සිට පැවැත්වූ ආදර සබධතාවයට තිත තබමින්, තම පෙම්වතිය සමඟ ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව, පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල බටකැත්තර එල් එස් වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි ඇඟලුම් සේවිකාවක ලෙස රැකියාව කළ ජේ. එම්. අයේෂා ලක්මිණි 26 නමැති තරුණියයි.
24 හැවිරිදි සැකකාර පෙම්වතා ඝාතනයට යොදාගත් පිහියත් සමඟ පොලිසිය මඟින් ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පවසන්නේ, ඝාතනයට ලක් වූ තරුණිය සිය මව පියා හා සහෝදරයා සමඟ එල් එස් වත්ත නිවසක කොටසකට කුලී පදනම මත මීට වසර එකහමාරකට පමණ ඉහතදී පැමිණ ඇති අතර, සැකකාර පෙම්වතා සමඟ ඝාතනයට ලක් වූ තරුණිය මීට වසර හයකට පමණ ඉහතදී ප්‍රේම සබඳතාවක් ගොඩනඟාගෙන තිබී ඇති අතර මාස තුනක පමණ කාලයක සිට ඇය පෙම්වතා මඟහැරීමට කටයුතු කර ඇති බව සැකකරුගේ පාපෝච්චාරණයකින් අනාවරණය වී ඇති බවයි.
ඊයේ (7) දින ද සැකකාර පෙම්වතා සිය යතුරුපැදියෙන් පෙම්වතිය හමුවීම සඳහා නිවසට පැමිණ මඳ වේලාවක් කතාබස් කරමින් සිට පිටවී ගොස් මඳ වේලාවකදී නිවසට පැමිණ අනතුරුව ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව සඟවාගෙන සිටි උල් පිහියෙන් ඇයගේ පපු පෙදෙසට, හිසට, යටි බඩ පෙදෙසට, අතට ආදී හය පොළකට ඇන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පෙම්වතාගේ පිහි ප්‍රහාරය අතරතුර නිවසින් එළියට පලා ආ තරුණිය අම්මේ, තාත්තේ, මට පිහියෙන් ඇන්නා යැයි කෑ ගසා හඬා වැටෙමින් නිවස ඉදිරිපිට ලේ විලක් මැද ඇදවැටීමත් සමඟම එම ශබ්දය ඇසී එම ස්ථානයට දිව ආ නිවෙස් හිමි කාන්තාව වහා දිව ගොස් යාබද නිවසක ත්‍රිරෝද රථයක් ගෙන්වාගෙන තරුණිය රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
සැනෙකින් සැකකාර පෙම්වතා ඝාතනයට යොදාගත් පිහිය ඉණේ ගසාගෙන යතුරුපැදියේ නැඟී පලායාමට තැත් කිරීමේදී අසල්වාසී තරුණයන් විසින් ඔහු අල්ලාගෙන ඒ බව පිළියන්දල පොලිසිය වෙත දැනුම් දී ඔහු පොලිසිය වෙත භාර දී ඇත.
සැකකරු ඝාතනය සඳහා යොදාගත් උල් පිහිය මිලදීගෙන ඇත්තේ බටකැත්තර ප්‍රදේශයේ වෙළෙඳසලකින් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
තරුණිය රෝහල්ගත කරන කොටත් මියගොස් සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සිද්ධි වූ ස්ථානයට ගල්කිස්ස අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීහු පැමිණ පරීක්ෂණ පැවැත්වූ බව සඳහන් වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇
