සී.බී. ගේ ප්‍රශ්නයත් විසඳෙයි. විමලවීර ආපදා කළමනාකරණයට

Date:

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ කැබිනට් අමාත්‍යවරයා වශයෙන් සී.බී. රත්නායක මහතා අද (04) ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දී තිබේ.

මීට පෙර ඒ මහතා වනජීවී කැබිනට් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ නමුත් වන සංරක්ෂණයට අදාළ විෂය පථයන් බෙදීයාම සම්බන්ධයෙන් එහි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සමග නිරන්තරයෙන් ගැටලු ඇතිවී තිබිණි. ඒ තත්වය මත සී.බී. රත්නායක මහතා පසුවූයේ දැඩි කළකිරීමකිනි.

ඒ අනුව අද දිනයේදී විමලවීර දිසානායක මහතාව වන සංරක්ෂණයෙන් ඉවත්කර ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්කර ඇත. ආපදා කළමනාකරණ විෂය මීට පෙර පැවතියේ චමල් රාජපක්ෂ මහතා යටතේ ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...