රවී ඇතුළු විත්තිකරුවන් 2016 බැඳුම්කර නඩුවේ පොදු දේපළ චෝදනාවලින් නිදහස් !

2016 වසරේ ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36කට අධික බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකිරීමේ චෝදනා මත හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවෙහි පොදු දේපළ පනත යටතේ ගොනුකර ඇති චෝදනා පවත්වාගෙන යා නොහැකි බව කොළඹ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් තීන්දු කර තිබේ.

ඒ අනුව එසේ පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබුණු චෝදනාවලින් පමණක් විත්තිකරුවන් නිදහස් කිරීමටයි විනිසුරු මඬුල්ල අද (04) නියෝග කර ඇත්තේ.

මෙම නඩුවේ විත්තිය විසින් ගොනු කළ මූලික විරෝධතා පිළිබඳ තීන්දුව අද ප්‍රකාශයට පත්කෙරුණු අතර සභාපති විනිසුරුවරයා එහිදී පැවසුවේ පොදු දේපළ පනතේ 7 වැනි වගන්තිය යටතේ චෝදනා ගොනු කළ හැක්කේ ස්වභාවික පුද්ගලයින්ට පමණක් බවයි. ඒ අනුව මෙම නඩුවේ විත්තිකාර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ස්වභාවික පුද්ගලයෙකු නොවන නිසා ඊට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනාවක් පවත්වාගෙන යෑමට නොහැකි බවත් එමෙන්ම එම සමාගමට එල්ල වී තිබෙන චෝදනාවලට සම්බන්ධව පවතින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනුකර ඇති චෝදනාත් පවත්වාගෙන යා නොහැකි බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

ඒ අනුව සෙසු චෝදනාවලට පමණක් අදාළව නඩුව පවත්වාගෙන යාම සඳහා “පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය” වෙනුවෙන් ලබන මැයි 04 වනදා නඩුව යළි කැඳවන ලෙසයි විනිසුරු මඬුල්ල නියම කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...