රවී ඇතුළු විත්තිකරුවන් 2016 බැඳුම්කර නඩුවේ පොදු දේපළ චෝදනාවලින් නිදහස් !

Date:

2016 වසරේ ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36කට අධික බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකිරීමේ චෝදනා මත හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවෙහි පොදු දේපළ පනත යටතේ ගොනුකර ඇති චෝදනා පවත්වාගෙන යා නොහැකි බව කොළඹ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් තීන්දු කර තිබේ.

ඒ අනුව එසේ පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබුණු චෝදනාවලින් පමණක් විත්තිකරුවන් නිදහස් කිරීමටයි විනිසුරු මඬුල්ල අද (04) නියෝග කර ඇත්තේ.

මෙම නඩුවේ විත්තිය විසින් ගොනු කළ මූලික විරෝධතා පිළිබඳ තීන්දුව අද ප්‍රකාශයට පත්කෙරුණු අතර සභාපති විනිසුරුවරයා එහිදී පැවසුවේ පොදු දේපළ පනතේ 7 වැනි වගන්තිය යටතේ චෝදනා ගොනු කළ හැක්කේ ස්වභාවික පුද්ගලයින්ට පමණක් බවයි. ඒ අනුව මෙම නඩුවේ විත්තිකාර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ස්වභාවික පුද්ගලයෙකු නොවන නිසා ඊට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනාවක් පවත්වාගෙන යෑමට නොහැකි බවත් එමෙන්ම එම සමාගමට එල්ල වී තිබෙන චෝදනාවලට සම්බන්ධව පවතින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනුකර ඇති චෝදනාත් පවත්වාගෙන යා නොහැකි බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

ඒ අනුව සෙසු චෝදනාවලට පමණක් අදාළව නඩුව පවත්වාගෙන යාම සඳහා “පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය” වෙනුවෙන් ලබන මැයි 04 වනදා නඩුව යළි කැඳවන ලෙසයි විනිසුරු මඬුල්ල නියම කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...