කොවිඩ් මළසිරුරු ඕනෑම සුසාන භූමියක භූමදානයට අවසර

කොවිඩ් – 19 වෛරස් ආසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ මළසිරුරු ශ්‍රී ලංකාවේ ඕනෑම සුසාන භූමියක භූමදාන කිරීමට අවසර ලබාදී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 2022.03.02 දින නිකුත් කර ඇති නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මගින් මෙම අවසරය ලබාදී ඇත.

කොවිඩ් මළසිරුරු ඥාතීන් වෙත භාරදිය යුතු අතර ඔවුන් තමන්ගේ වියදමින් අවසන් කටයුතු සිදුකළ යුතු බවත් මින් ඉදිරියට කොවිඩ් මරණවල අවසන් කටයුතු සඳහා රජයෙන් ගෙවීම් සිදු නොකරන බවත් එම මාර්ගෝපදේශ මාලාවෙහි සඳහන්.

සම්පූර්ණ නිවේදනය මෙතැනින්.

මෙරට කොවිඩ් මළසිරුරු භූමදානය සම්බන්ධයෙන් ඇතැම් සෞඛ්‍ය හා භූවිද්‍යා විශේෂඥයින් සහ දේශපාලනඥයින් එක්ව අනියත භීතියක් මවාපාමින් දේශපාලන වාසි ලබාගැනීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ආදාහනය පමණක් අනිවාර්යය කර තිබුණු අතර පසුව භූමදානයට අවසර ලබාදුන්න ද එම අවසරය ලැබුණේ නැගෙනහිර පළාතේ ඉතා දුරබැහැර සුසාන භූමියකට පමණි. ඒ ඒ අංශවල විශේෂඥයින් සිය වෘත්තීය ගෞරවය පවා පාවාදෙමින්, ජාතිවාදී දේශපාලනඥයින් හා එක්ව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා උපදෙස්වලට පටහැණිව ගෙනගිය ජාතිවාදී පදනමෙන් යුත් “භූමදානයට බාධා පැමිණවීමේ” නින්දිත ක්‍රියාවලිය මෙතැනින් හෝ අවසන් වීම වැදගත් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

UNP නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුර එච්.එන්.අයි. මනෝජ් කුරේට!

එච්.එන්.අයි. මනෝජ් කුරේ මහතා එක්සත් ජාතික පක්ෂයේ (UNP) නියෝජ්‍ය...

ජේ.ආර්. ජයවර්ධන 30 වැනි ගුණ සැමරුම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හිටපු ජනාධිපති ජේ.ආර්....

“IMUL-A-0022 TLE” ධීවර යාත්‍රාව සහ ධීවරයින් සිව්දෙනා පොතුවිල් සිට නාවික සැතපුම් 200ක් දුරින් නිරුපද්‍රිතව සොයාගනී…

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ‘අර්නාබ්’ සුළි කුණාටුවට මැදිව...

හැලොවීන් ලෝකයේ කිරුළ හිමි රැජින; වසරින් වසර ලෝකයම මවිත කරන හයිඩි ක්ලම්! 

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් කිව්වම බොහෝ දෙනෙකුට...