පලස්තීන-ඊශ්‍රායල ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ 85% ක් අවතැන්

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 10 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අවම වශයෙන් ලක්ෂ 19 ක පමණ ජනතාවක් පලස්තීන-ඊශ්‍රායල ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ අවතැන් වී ඇතැයි හෙළි වී ඇත.

එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාලයේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කෙරුණු අතර, එම පිරිස ගාසා තීරයේ සමස්ත ජනගහණයෙන් 85% ක් බව පවසුවේ.

එමෙන්ම ගාසා තීරයේ සෞඛ්‍ය සේවා පද්ධතිය බරපතල ලෙස බිඳවැටෙමින් පවතින බව ද එහිදී අනාවරණය වී ඇත,

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව, ගාසා තීරයේ 23000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, එය සමස්ත ගාසා තීරයේ ජනගහණයෙන් 1% කි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පලස්තීන නියෝජිතයෙක් ජෙරුසලමේ දී ප්‍රකාශ කළේ, තුවාල ලැබූ පිරිස 59000 කට ආසන්න වන අතර එය සමස්ත ජනගහණයෙන් 2.7% ක් වන බවයි.

මේ අතර, සමස්ත ගාසා තීරය සඳහා සුරක්ෂිතව සහනාධාර ප්‍රවාහනය කිරීමට මාර්ග නොමැතිවීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් දෙසැම්බර් 26 වැනිදා සිට මේ දක්වා 6 වතාවක් උතුරු ගාසා තීරයට සෞඛ්‍ය පහසුකම් ප්‍රවාහනය කිරීමේ සැලසුම් අහෝසි කර ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...