සෙන්තිල් තොණ්ඩමාන්ට “Emigration Tamil Day 2024” උත්සවයේදී උණුසුම් පිළිගැනීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 11 කොළඹ (LNW): තමිල්නාඩු රජයේ සුලුතර සුබසාධන හා තමිල්නාඩු සුබසාධන අමාත්‍ය සෙන්ජි කේ.එස් මස්තාන් මහතා විසින් ප්‍රධාන දේශනයක් පැවැත්වීමට තමිල්නාඩු රජයේ ආරාධනයෙන් ඉන්දියාවට ගිය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොණ්ඩමාන් මහතා වෙත ඉන්දියාවේ තමිල්නාඩු රජය විසින් සංවිධානය කරන ලද “Emigration Tamil Day 2024” උත්සවයේදී උණුසුම් පිළිගැනීමක් ලැබී ඇති බව වාර්තා වේ.

නන්තම්බක්කම් හි චෙන්නායි වෙළඳ මධ්‍යස්ථානයේදී අද (11) සහ හෙට (12) පැවැත්වෙන මෙම උත්සවයට ඉන්දියාව, ශ්‍රී ලංකාව, මැලේසියාව, සිංගප්පූරුව, ඩුබායි, ලන්ඩන්, කැනඩාව, මොරිෂස්, ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය ආදී රටවල් රැසක් සහභාගී වීමට නියමිත බව සඳහන් වේ.

ඒ සඳහා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ගරු M.K.Stal මහතා ගේ නායකත්වයෙන් වෙනත් රටවල විශේෂ ආරාධිතයන් ද සහභාගී වී ඇත.

මෙහිදී ඉන්දියාවට පැමිණි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොණ්ඩමාන් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සානක්‍යන් මහතා තමිල්නාඩු අමාත්‍ය සෙන්ජි කේ.එස්.මස්තාන් මහතා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබ ඇත.

මෙම අවස්ථාවේ දී, සෙන්තිල් තොණ්ඩමාන් මහතා “2024 අයලක් දෙමළ දිනය” උත්සවයේ ප්‍රධාන දේශනයක් පැවැත්වීමද විශේෂත්වයකි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි !

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්වයක්...

ඉන්දීය 79 වන නිදහස් දින සැමරුම් උත්සවය මහනුවරදී..

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) දින, ඉන්දීය...

වැඩිහිටියන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) දින අගෝස්තු...

මෙරට සිසුන් 30කට පශ්චාද් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා චීන රජයෙන් පූර්ණ ශිෂ්‍යත්ව!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: චීන රජය මඟින්, 2025/2026...