ලෝකය දිනන්න ශ්‍රී ලංකාවෙන් හිතත් සවිමත් කළ කණ්ඩායමක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 13 කොළඹ (LNW): අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවේදී ජනවාරි 19 දා ආරම්භ වීමට නියමිතයි.ඒ සඳහා සහභාගිවන කණ්ඩායම් ප්‍රමාණය 16 ක්.තරගාවලිය ආරම්භයට පෙරම පරාජයක් සහිතව මේ තරගාවලියට සහභාගි වන තරුණයන්ට එම පරාජයට බලපාන දේශපාලනය පරාජය කරමින් ජයග්‍රහණ කරා යාමේ වගකිමක් පැවරි තිබෙනවා.ශ්‍රී ලංකාවේ පැවත්වීමට නියමිතව තිබූ තරගාවලිය දකුණු අප්‍රිතාවට රැඟෙන යාමට මුල් වූයේ ශ්‍රී ලංකාව අයිසීසී තහනමකට ලක්වීම නිසයි.එයට හේතුව දේශපාලනික අතපෙවීම බව වක්මන් අමාත්‍යවරයා මුණ ගැසීමට පැමිණි අයිසීසි නියෝජිතයා සරලව පහදා දුන් පසුවත්,තව දුරටත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට අනුව අයිසීසී හැසිරීම සිදු විය යුතු බවට රාජපක්ෂමය හැඩයට හැදූ ජන ජීවිතවලට කා වද්දමින් සිටින පිරිස් ද දකින්නට ලැබෙනවා. එහෙත් රටවල් 15 ක සාමාජිකයින් සමඟ මෙරටට පැමිණීමට සිටි විශාල පිරිසකගෙන් ක්‍රිකට් ඉක්මවා රටට ලැබෙන්නට තිබුණු ඩොලර් ප්‍රමාණය දේශපාලනය නිසා ශ්‍රී ලංකාවට අහිමි වෙනවා.

කෙසේ වුවත් ශ්‍රී ලංකාව මේ තරගාවලියට මුහුණ දෙන සී කාණ්ඩයේ දී ඔවුන්ට ප්‍රතිවාදීන් ලෙස සිටින්නේ සිම්බාබ්වේ,නැමිබියා,ඕස්ට්‍රේලියාව යන කණ්ඩායම් තුනයි.ඒ නිසා ශ්‍රී ලංකාවට මූලිකව අවසාන කණ්ඩායම් අට අතරට පිවිසිමට හැකි බව දකින්නට ලැබෙනවා.එහෙත් ලෝකයේ ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව තරුණ කණ්ඩායම්වල ක්‍රිකට් ක්‍රියාත්මක නොවන බව පැහැදිළියි.ඊට හොඳම උදාහරණය මේ තරගාවලියට සහභාගිවන ආසියාතික 19 න් පහළ කණ්ඩායම්වලට ඉහළින් සිටි එත්සත් අරාබි එමීර් කණ්ඩායම මේ තරගාවලියේ සුදුස්සන් වී නැතිකමයි.ඒ නිසා අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝකය තුළ හැසිරෙන් ආකාරය හොඳටම දැක් ගන්නට ලැබෙන්නේ මේ තරගාවලියෙන් අනතුරුව බව තේරුම් ගැනීම වැදගත් වෙනවා.

ශ්‍රී ලංකාව පළමු තරගයට ජනවාරි 21 දා සිම්බාබ්වේ සමඟ මුහුණ දෙන අතර සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා කණ්ඩායමේ උප නායකයා වන්නේ මල්ෂ තරුපතියි.ආසියානු තරගාවලියේ පරාජයෙන් පසුව මේ තරගාවලියට පෙර මෙම තරුණයන් භාතිය අර්ථනායකගේ අභිප්‍රේරණ සැසි කිහිපයකට ද සහභාගි වෙමින් නව මානයකින් මේ තරයට පිවිසීම වැදගත් කොට සැළකිය හැකියි.නොපැකිළෙන ගතක් සමඟ නොසැලෙන හිතක් ද සහිතව ලෝකය ජය ගන්නට ශ්‍රී ලංකාවෙන් එකතුවන තරුණ නඩයට ඇතුළත් වෙන සෙසු ක්‍රිඩක කණ්ඩායම පහතින් දැක්වෙනවා.
පුළිඳු පෙරේරා,හිරුන් කපුරුබණ්ඩාර,රනිෂාන් නෙත්සර,රුසන්ද ගමගේ,සරුජාන් ෂන්මුගනාදන්,දිනුර කළුපහන,විශ්ව ලහිරු,ගරුක සංඛේත්,දුවිඳු රණතුංග,රවිශාන් පෙරේරා,සුපුන් වඩුගේ,විහස් තෙව්මික,විශෙන් හැළඹගේ,

මෙම කණ්ඩායමට අමතරව අතිරේක වශයෙන් කණ්ඩායමට දිනුක තෙන්නකෝන් සහ හිරාන් ජයසුන්දර නම් කර තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...