සංචාරකයන්ගෙන් ලැබෙන ආදායමට අමතරව රටේ මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි ආදායම් උත්පාදන ව්‍යාපෘති කිහිපයක් මේ වසරේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. එහි පළමුවැන්න මාර්තු මාසයේ 4 හා 5 දිනවල දී මෙරයින් ඩ්‍රයිව්හිදී බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය මඟින් මේ වනවිට පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ,
තරු පහේ හෝටල්
තානාපති කාර්යාල
දේශීය හා විදේශීය සංචාරකයන්
සම්බන්ධ කර ගනිමින් දැවැන්ත ආහාර සැණකෙළියක් පැවැත්වේ. නමුත් මෙහි විශේෂත්වය වන්නේ සියලු විදුලි බුබුලු නිවා දමා ලේසර් කිරණ සහ මල් වෙඩි සංදර්ශන සමඟ අලෝකමත් වන සැනකෙලියක් වීමයි.
. ඒ වගේම ‘ඇමෂින් ශ්‍රී ලංකා’ යනුවෙන් සඟරාවක් පළ කරන අතර එය ඉංග්‍රීසි, චීන, ජර්මන් සහ ප්‍රන්ස භාෂාවලින් නිකුත් කරන්නත් බලාපොරොත්තු වේ. මෙහිදී බස්නාහිර පළාත සම්බන්ධයෙන් මෙහිදී තොරතුරු ලබා දීම සිදු කෙරේ. මේ සියල්ල ආදායම් උත්පාදන ව්‍යාපෘති වේ.
මෙහි ඉලක්කය වන්නේ 2022 අවුරුද්ද අවසන් වන විට රුපියල් මිලියන 500ක පමණ මුදලක් බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය මඟින් උපයා ගැනීමයි. මෙය දැවැන්ත අභියෝගයක්. මෙහි කාර්ය මණ්ඩලය සිටින්නේ 25 දෙනෙකි. ඔවුන් සියලු දෙනාම ඉතාම කැප වීමෙන් තමන්ගේ සේවය ලබා දෙමින් සිටී. එය මෙහි ඉදිරි ගමනට විශාල ශක්තියක් වී ඇත
දේශීය සහ විදේශීය ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡා කරමින්, අප මේ සියල්ල දියුණු කරන්නේ කෙසේ ද? කියා සාකච්ඡා කර ඇත. මේ තත්ත්වය යටතේ බස්නාහිර පළාත් සභාව තුළ පවතින සංචාරක කර්මාන්තය අංශ කිහිපයක් යටතේ දියුණු කරන්න පියවර ගෙන තිබේ .
මෙහිදී නවාතැන් පහසුකම් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ . ?ආහාර පාන
ප්‍රවාහනය
මඟපෙන්වන්නන්
විවිධ ඉසව් සහ සම්මන්ත්‍රණ
ආදිය සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ .බස්නාහිර පළාත තුළ මේ වන විට අලුතින් සංචාරක ආකර්ෂණය දිනා ගත හැකි ස්ථාන 250ක් පමණ හඳුනාගෙන ඇත . සාම්ප්‍රදායිකව ගත්කල ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්,
දළදා මාලිගාව
අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය,
කොග්ගල, අරුගම්බේ
ආදි ස්ථාන වලට සංචාරය කරයි.මේවාට අමතරව වෙනත් බොහෝ තැන්වලට යන්නේ නැත. ශ්‍රී ලංකාව කියන්නේ බොහොම ලස්සන රටක්. මාලදිවයින වගේ රටකට සංචාරකයන් වෙනුවෙන් හඳුන්වා දෙන්න තිබෙන්නේ වෙරළ ආශ්‍රිතව තිබෙන ක්‍රියාකාරකම් පමණයි. අපට කෙතරම් තිබෙනවා ද?
බස්නාහිර පළාත තුළ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට පියවර ගෙන තිබෙන්නේ කෙසේද යන්න නිරන්තරයෙන් සලකා බලන කාර්‍යකි.
රටේ ප්‍රධාන ගංගාවලින් දෙකක් මුහුදට ගලා බසින්නේ බස්නාහිර පළාතෙනි. දියවන්නා කලාපය, බොල්ගොඩ කලාපය, අත්තනගලු ඔය ආදිය වගේම බොහෝ ජලාශ ප්‍රමාණයක් ඇත. ඇතැම් අතු ගංගා ඔස්සේ ගමන් කළ පසුව සිංහරාජ අඩවියට පවා ඇතුළු විය හැකි තැන් අපේ පළාතේ තිබේ . කළපු, වෙනම පරිසර පද්ධති ආදී මේ සියල්ල සංචාරක ආකර්ෂණීය ප්‍රදේශ බවට පත් කරන්න රජය උත්සාහ කරමින් සිටී
ඊට අමතරව බස්නාහිර පළාතට ත්‍රාසජනක සංචාරක අංග ගෙන එන්නටද හැකියාව ඇත.
පාදුක්ක
හොරණ
අඟලවත්ත
ප්‍රදේශවල භූගෝලීය වශයෙන් බොහෝ වෙනස්කම් තිබෙන ප්‍රදේශ තිබේ . ඒ අනුව විවිධ අංශ ඔස්සේ මේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න රජය බලාපොරොත්තු වේ.
මෙවැනි සංචාරක නිකේතන, ලැඟුම්හල් නිසි නියාමනයකට යටත් කිරීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග ලෙස, තෝරා ගත් සංචාරක නිකේතන 2000ක් පමණ බස්නාහිර පළාතේ තිබෙන අතර ,ඒවා කිසිවක් කිසිදු නියාමනයකට යටත් වී නැත. මේ වන විට එයින් 1000 තෝරාගෙන තිබෙන අතර , එම නිකේතන 1000 ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් කර සංචාරක නිකේතන පවත්වාගෙන යන ප්‍රජාවට ඉස්සරහට ගමන් කරන්න අත්වැලක් ලබා දෙන්න පියවර ගෙන තිබේ .
මේ වන විට ඔවුන් පහසුකම් සපයන්නේ දේශීය සංචාරකයන්ට පමණයි. නමුත් ඉදිරියේ දී උත්සාහය, විදේශීය සංචාරකයන්ටත් මේ ලැඟුම්හල්වල නවාතැන් පහසුකම් සලසන්න හැකි මට්ටමට ගුණාත්මකව හා භෞතික වශයෙන් දියුණු කිරීමයි. එයට අවශ්‍ය මූල්‍ය සහාය ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඔස්සේ ලබා දේ. එය රුපියල් ලක්ෂ විසි පහක උපරිමයකට යටත් වේ. එසේ මූල්‍ය සහාය ලබා දීලා මේවා වැඩිදියුණු කිරීම මෙහි ප්‍රධාන උත්සාහයයි.
සංචාරක කර්මාන්තයෙන් අපේ ජාතික ආර්ථිකයට ඩොලර් බිලියන 4.5ක් පමණ වාර්ෂිකව එකතු වේ. ඒ තුළ බස්නාහිර පළාතේ දායකත්වය කිසියම් ප්‍රමාණයකින් ඉහළ නංවන්න මේ සියල්ලෙහි ප්‍රධාන අපේක්ෂාව වේ.
මේ අනුව කටයුතු කර, ඉදිරි වසර දෙකක කාලයේදී මේ සියලු කටයුතු භාවිතයට ගනිමින් අප රට බස්නාහිර පළාත් මුහුණ දෙන මූල්‍ය අර්බුදයට විසඳුමක් ලබා දෙන්න අප බලාපොරොත්තු වෙනවා.
සාර්ථකව ආරම්භ කළ මෙම දැවැන්ත ව්‍යාපෘතිය සාර්ථක වේවා..රටේ ඩොලර් හිඟයට විසඳුම් ලබා ගැනීමට හැකි වේවා..
රෂිකා සඳමාලි හෙන්නායක