අනවශ්‍ය රෙගුලාසි එක්ක මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ගොඩගන්න බැහැ – විපක්ෂ නායක

Date:

කොළඹLNW:අප රටේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සතු⁣ටු විය නොහැකි බවත් අප රටට ආසන්න ඉන්දියාව මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් 6%ක දායකත්වයක් ද.දේ. නිෂ්පාදිතයට ලබා දුන්නත් අප රට 1%ක පමණක් දායකත්වයක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටේ ඇති නියාමන ක්‍රියාවලීන් අනවශ්‍ය ලෙස ඉහළ මට්ටමක පවතින බවත් රජයකින් සිදුවිය යුත්තේ මෙවැනි කර්මාන්තවලට ශක්තිය ලබා දීම වුවත් සිදුවන්නේ නියාමනය බවත් මෙම නියාමනය ඇතුළු අනවශ්‍ය ඇගිලි ගැසීම් නතර කළ යුතු බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (13) බෙන්තොට පැවැති මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සඳහා සහභාගී වෙමිනි.

විදේශයේ කිසිදු රටක් තුළ මෙම නියමන අධිකාරි නොමැති බවයි ඔහු කියා සිටියේ.

එම නිසා මෙම ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම දියුණු කළ යුතු බවත් සියලුම පාර්ශ්ව ශක්තිමත් කර දිරි ගැන්විය යුතු බවත් අනවශ්‍ය ලෙස පනවා ඇති දැඩි බදු බරින් මෙම ක්ෂේත්‍රය නිදහස් විය යුතු බවත් අපනයන ප්‍රවර්ධනය කරන සාධාරණ බදු සූත්‍රයක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විෂය සම්බන්ධ අවබෝධයක් ඇති පුද්ගලයන් මේ සදහා පත් කළ යුතු අතර සමගි ජන බලවේග රජයක් තුළ මේ සියලු අනවශ්‍ය සම්බාධක ඉවත් කර සංවර්ධනය කරන බවත් රෙගුලාසිවල වහලුන් බවට පත් කර ඇති වහල්භාවය නතර කරන බවත් ඒ තුලින් පෞද්ගලික ව්‍යවසායට ඉඩක් ලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සදහා වන සමගි ජනබලවේග ප්‍රතිපත්තිය සකස් කර ඇති බවත් බලය ලැබුණු විගස මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුගතදාසෙ නොදීම ගැන හයසින්ත්ගෙන් පුංචි ආඩපාලියක්

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: දකුණු කොරියාවේදී ආසියානු යොවුන්...

නව ඔලිම්පික් සභාපතිණිය ට්‍රම්ප් සමඟ ඔලිම්පික් ගැන තනිව කතා කරන්නට සිතයි.

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති...

‘මම නැතිනම් ඔවුන් තාමත් සටන් කරනවා’ – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා ඊශ්‍රායලය...

පළාත් කොමසාරිස්වරුන්ට තලතාගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී මේ වන විට...