ගතවු පැය 24 තුළ සැකකරුවන් 1,468 දෙනෙකු අපරාධ අංශ මගින් අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 15 කොළඹ (LNW): අපරාධ අංශ වලට යොමු කළ දිවයින පුරා සිටි සැකකරුවන් 42,248 දෙනාගෙන්, ගතවු පැය 24 ක කාල සීමාව තුල යුක්තිය මෙහෙයුම යටතේ සිදුකරන ලද මෙහෙයුම් වලදී සැකකරුවන් 1,468 දෙනෙකු අපරාධ අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව,

විෂ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවන් 4,088 දෙනා අතරින් සැකකරුවන් 254 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර , විෂ මත්ද්‍රව්‍ය නොවන වෙනත් වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කරතිබු සැකකරුවන් 31,417 දෙනා අතරින් සැකකරුවන් 942 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි,

තවද, ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 4,258 අතරින් සැකකරුවන් 123 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

2022 සහ 2023 වර්ෂ වලට අදාළව බල අපරාධ සම්බන්ධයෙන් හදුනාගෙන මෙතෙක් අත්අඩංගුවට නොගත් සැකකරුවන් 2,485 දෙනෙකු අතරින් සැකකරුවන් 149 දෙනෙකු අපරාධ අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් පැවසේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...