ද්විතීයික ශ්‍රේණියට පහළ සේවකයන් වෛද්‍යවරුන්ට සමාන වන්නේ නෑ – වෛද්‍ය හරිත අලුත්ගේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 16 කොළඹ (LNW): සෞඛ්‍ය සේවයේ ප්‍රාථමික හා ද්විතීයික ශ්‍රේණිවල සේවකයන් දියත් කර තිබෙන වැඩ වර්ජනය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විශේෂ ප්‍රකාශක් කරමින් තම අදහස් දක්වා ඇත.

ඒ, සෞඛ්‍ය සේවයේ ප්‍රාථමික හා ද්විතීයික ශ්‍රේණිවල සේවකයන් තමන්ට අදාළ නැති දීමනා ඉල්ලා වැඩ වර්ජන කිරීම අතිශයින්ම නරක පූර්වාදර්ශයක් බව ඔහු පවසයි.

හරිත අලුත්ගේ මහතා පවසන්නේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ලෙස රජයේ වැටුප් ප්‍රතිපත්තිය අනුව වෛද්‍යවරුන් වෙත පමණක් විශේෂිත දීමනාවක් වූ වෛද්‍යවරුන්ගේ රාජකාරි බාධා, පැමිණ සිටිමේ හා ප්‍රවාහන දීමනාව (DAT) වැඩි කිරීමෙන් පසු එය තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා කරන මෙම වැඩ වර්ජන විහිළුසහගත සහ ව්‍යවස්ථා විරෝධී බවයි.

රටේ ව්‍යවස්ථාවේ 12.1 වගන්තිය ප්‍රකාරව සාමානයන්ට සමාන ලෙස සැලකිය යුතු බව දක්වා ඇතත් අසමානයන්ට සමාන ලෙස සැලකීමේ ප්‍රතිපාදන නැති බවත් ඔහු කියා සිටී.

ඔහු තවදුරටත් පැහැදිළි කළේ, වෙනත් වෘත්තීය කණ්ඩායමක වෘත්තීය ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස අදහස් ප්‍රකාශ නොකරන නමුත් මේ තත්ත්වය විශේෂිත බව කී ඒ මහතා, රටේ සෑම ක්ෂේත්‍රයකම නිශ්චිත බෙදීමක් දක්වා වැටුප් තල සහ දීමනා ලබාදීමේ ප්‍රතිපත්තිමය වෙනස ඇති කර තිබෙන්නේ පුද්ගල වගකීම, අධ්‍යාපන සුදුසුකම්, රාජකාරි ස්වරූපය ඇතුළු සමස්තය නිශ්චිත විද්‍යාත්මක අධ්‍යයනකින් අනතුරුව බවයි.

සරසවි මහාචාර්යවරයකුගේ දීමනා කාර්යාල කාර්ය සහායකයකුට නොලැබෙන්නත් විනිසුරුවරයකුගේ දීමනාව ලිපිකරුවකුට නොලැබෙන්නත් මේජර්වරයකුගේ වැටුප කෝප්‍රල්වරයකුට නොලැබෙන්නත් හේතුව එය බවත් ඔහු පැහැදිළි කරයි.

සෞඛ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් වන වෛද්‍යවරුන්ගේ වෘත්තියට විශේෂ දීමනාවක් එම ක්ෂේත්‍රයේ ප්‍රාථමික හෝ ද්විතීයික නිලධාරින් ඉල්ලන්නේ කුමන පදනමින් දැයි අලුත්ගේ මහතා විමසා සිටියේය.

ද්විතීයික ශ්‍රේණියට පහළ සේවකයන් වෛද්‍යවරුන්ට සමාන වන්නේ කෙසේදැයි ඒ මහතා ප්‍රශ්න කරයි.

මේ සේවකයන් මෙහෙයවන වෘත්තීය සමිතිවල දේශපාලන අරමුණු පෞද්ගලික න්‍යාය පත්‍ර ඔස්සේ රට දැවැන්ත අගාධයකට ගෙන යන බව ද වැඩිදුරටත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි යන්නේ අරමුණකට. අපිත් එක්ක සෙල්ලම් ගෙවල් හදන්න ලෑස්ති වෙන්න එපා – ටිල්වින්

කොළඹ LNW:ජනතාවට මීට වඩා හොඳ සැපවත්,ප්‍රීතිමත් ජීවිතයක් අත්පත්කර දීම...

සජිත් ඔයා කොන්ද කෙළින් තියාගෙන කියන්න වතුකම්කරුවන්ට 200 දෙනවට කැමතියිද? අකමැතියිද?

කොළඹ LNW:2026 අයවැය මඟින් වතු කම්කරු ජනතාවගේදෛනික වැටුප් වැඩි...

රජය ගෙනයන වැඩපිළිවෙලට ස්විට්සර්ලන්තයේ පූර්ණ සහයෝගය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : ශ්‍රීලංකාවේ ස්විට්සර්ලන්ත තාපතිනි...