එළොව පොල් පේන එළවළු මිල!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 16 කොළඹ (LNW):අඛණ්ඩව ඇද හැලෙන වර්ෂාව නිසා එළවළු වගාවන් විනාශවිම හේතුවෙන් එළවලු මිළ අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව වෙළද සංගමයේ ,තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පවසයි.

ඒ අනුව අනුරාධපුර මහජන පොල තුළ කැරට් කීලෝව රැපියල් 2000 කට අළෙවි වී ඇති අතර, ඒ හා සමානව අනෙකුත් උඩරට එළවළු මිලගනන්ද ඉහළ ගොස් තිබුණි.

එළවළු මිල ගනන් ඉතා ඉහළ යාමේ හේතුවෙන් අනුරාධපුර මහජන පොලට පැමිණි පාරිභෝගියන් විශාල පිරිසක් එළවළු මිලදි ගැනිමෙන් වැලකි සිට ඇති අතර, වෙනත් දිනවල අනුරාධපුර මහජන පොලට විශාල පාරිභෝගයන් පිරිසක් පැමිණියද මේ දිනවල පොලට පැමිණෙන වෙළෙන්දන්ගේ මෙන්ම පාරිභෝගියන්ගේද විශාල අඩුවිමක්ද දක්නට ලැබුණු බවද වාර්තා වේ.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේද කැරැට් කිලෝවක තොග මිල රැපියල් 1500.00 ක් බවත් එහි සිල්ලර මිල රැපියල් 1700.00 ක් වන බවද සදහන් වේ.

බෝංචි කිලෝවක තොග මිල රැපියල් 1,000.00 සිල්ලර මිල 1,400.00 ,අමුමිරිස් කිලෝවක තොග මිල රැපියල් 1,000.00 ක්ද එහි සිල්ලර මිල කිලෝව රැපියල් 1,300.00 ක් වශයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය dio ගොවියන්ට වෙච්ච දේ දේශීය alto ගොවියන්ටත් ළඟදීම වෙන ලකුණු ….?

Honda ලා දේශීය dio ගොයියන්ට කෙළවලාම දැම්මා වගේ, Browns...

රනිල්ගේ නිල රථයේ රක්ෂණ වාරිකය ගෙවලා නෑ ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රජයෙන් ලබාදී ඇති නිල...

රැවටෙන්න එපා. මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් – මහබැංකුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම...