කැබිනට් සංශෝධනයෙන් අර්බුද උත්සන්න වෙයි – එස්බීට තනතුරු දුන්නාට ලොහාන් නොසතුටින්

Date:

ආණ්ඩුව තුළ සහ කැබිනට් මණ්ඩලය තුළ මතුව ඇති අර්බුද සමනය කිරීම සඳහා පසුගිය සතියේදී සතියේදී කැබිනට් සංශෝධනයක් සිදු විය. විමල් වීරවංශ මහතාට සහ උදය ගම්මන්පිල මහතාට කැබිනට් තනතුරු අහිමි වූ අතර දිළුම් අමුණුගම මහතාට සහ එස්.බී. දිසානායක මහතාට කැබිනට් මණ්ඩයේ අසුන් ගැනීමට අවස්ථාව හිමි විය.

කෙසේ නමුත් අර්බුද විසඳා ගැනීමට සිදුකළ කැබිනට් සංශෝධනය හේතුවෙන් අලුත් අර්බුද නිර්මාණය වෙමින් තිබේ.

විශේෂයෙන් එස්.බී. දිසානායක මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් රැසක් නොසතුට පළ කරන බවයි වාර්තා වන්නේ. මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එස්.බී. දිසානායක මහතාගේ කැබිනට් ඇමති ධුරය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකර ඇති අතර ඉදිරියේදී ඔහු දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

ඔහු සිය හිතවතුන් සමග පවසා තිබෙන්නේ පසුගිය යහපාලන රජයේ ඇමතිකම් දැරූ පුද්ගලයන්ට කැබිනට් අමාත්‍ය ධුරය ලබාදීම සුදුසු නොවන බවයි. වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට කැපවීම් සිදුකළ, 2015 පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි තමා වැනි පුද්ගලයන් සිටියදී එස්බී වැනි පුද්ගලයන්ට තනතුරු ලබාදෙනු ඇතැයි කිසිවිටෙක අපේක්ෂා නොකළ බවද ඔහු පවසනවා.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමට ලොහාන් රත්වත්තේ මහතා සූදානමින් සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...