යුක්තිය මෙහෙයුම් වලින් තවත් සැකකරුවන් 943 ක් අල්ලයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 18 කොළඹ (LNW): දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 670 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 273 ක් සමගින් මුළු සැකකරුවන් 943 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 670 දෙනා අතරින් සැකකරුවන් 9 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, නීති විරෝධී වත්කම් විමර්ශන 01 ක්ද ආරම්භ කර ඇති අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 25 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති බවද පොලිසිය දන්වයි.

තවද, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 32 ක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 273 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 58 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 192 ක්ද සිටින බව දැනුම් දෙයි.

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 11 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 12 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇති අතර පහත මත්ද්‍රව්‍යන් සොයාගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි,

හෙරොයින් 199 g
අයිස් 168 g
ගංජා 2 kg 400 g
ගංජා පැල 2,883 ක්
මාවා 382g
තූල් 45g
මදන මෝදක 141g
මත්පෙති 59 ක්

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිත්‍යා සේනානිට දුන්න ලක්ෂ ගණනක දීමනා ගැන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමර්ශනයක්?

කොළඹ LNW:ශ්‍රී ලංකා ගුවන් සේවයේ සේවයේ නියුතුව සිටි නිත්‍යා...

තිස්සකුට්ටිආරච්චි කොන්දේසි විරහිතව ජනපති අනුරගෙන් සමාව ගනී!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෝල්ටා රාජ්‍යයේ මුදල්...

බන්ධනගාරයෙන් ඇසෙන කතා!

රෂිකා හෙන්නායක ජූලි 29, කොළඹ LNW : ඊයේ (29)...