2024-25 අධ්‍යයන සැසිය සඳහා ඉන්දියාවේ හින්දි භාෂාව හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 18 කොළඹ (LNW): ඉන්දීය රජයේ මානව සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් 2024-2025 අධ්‍යයන සැසිය සඳහා අග්‍රා හි පිහිටි කේන්ද්‍රීය හින්දි සංස්ථාන් හි (හින්දි භාෂා මධ්‍යස්ථානය) හින්දි භාෂාව හැදෑරීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට ශිෂ්‍යත්ව පිරිනමනු ලබන බව දන්වයි.

පූර්ණ ශිෂ්‍යත්වයක් වන මේ යටතේ තෝරා ගනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට යාමට සහ ඒමට ගුවන් ටිකට්පත්, ශිෂ්‍යාධාර, නේවාසිකාගාර පහසුකම් සහ වාර්ෂික පොත් ප්‍රදානයක් ද ලබා දෙන බව සඳහන් වේ.

මූලික/අන්තර්මධ්‍ය මට්ටමෙන් හින්දි භාෂාව හදාරා ඇති වයස අවුරුදු 21-35 අතර අයවලුන්ට මෙම ශිෂ්‍යත්වය සඳහා අයදුම් කළ හැකිය.

මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය පිළිබඳ වැඩිදුර විස්තර https://hcicolombo.gov.in/what. වෙබ් අඩවිය තුළින් ලබා ගත හැකිය.

සුදුසුකම් ලබන ශ්‍රී ලාංකීය සිසු සිසුවියන් සම්පූර්ණ කරන ලද අයදුම්පත සමඟින් 2024 පෙබරවාරි 26 වන දින පෙරවරු 10 සිට පස්වරු 01 දක්වා නො. 16/2, ග්‍රෙගරි පාර, කොළඹ 07 යන ලිපිනයේ පිහිටි ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දී (ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය) සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටින ලෙස දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...