බීමත් මඟියෙකු ගුවන් සේවිකාවගේ අත සපා කාලා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 18 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බීමත් මගියකු ගුවන් සේවිකාවකගේ අත සපා කෑම හේතුවෙන් ජපානයේ සිට අමෙරිකාව බලා පියාසර කිරීම ආරම්භ කළ ඕල් නිපෝන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ආපසු ටෝකියෝ නුවර ගුවන්තොටුපොළට ගොඩ බැස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකානු ජාතිකයකු වන 55 හැවිරිදි එම මගියා අධික ලෙස බීමත්ව ගුවන් සේවිකාවගේ අත සපා කෑමෙන් ඇයට සුළු තුවාල සිදු වූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.

ටෝකියෝ නුවරට ගොඩබැස්වීමෙන් පසු එම මගියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, තමා නිදිපෙති පානය කර තිබූ බැවින් සිදු වූයේ කුමක්දැයි නොදන්නා බව පොලිසියට ප්‍රකාශ කර තිබේ.

මේ සිදුවීම වන විට එම ගුවන් යානය මගීන් 159 දෙනකු රැගෙන පැසිෆික් සාගරයට ඉහළින් පියාසර කරමින් තිබූ බව ද වාර්තා වේ.

https://nypost.com/2024/01/17/lifestyle/passenger-bites-flight-attendant-forces-plane-to-return-to-airport/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...