සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 21, කොළඹ (LNW): අද නිමාව දුටු ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් මැරතන් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සුජානි පියුමිකා පෙරේරා එම ඉසව්ව පැය 2;45;33 න් නිමා කරන්නට සමත් වූවාය.මැරතන් තරගවලදී හ්‍රී ලංකාවේ ක්‍රිඩිකාවන්ගේ පෞද්ගලික දක්ෂතා සළකා බලන විට සුජානි සිටින්නේ තෙවැන්නාටය.හිරුණි විජයරත්න පැය 2:34;10 වාර්තා කරමින් ඇයගේ හොඳම පෞද්ගලික දක්ෂතාවය දක්වා ඇති අතර නිලූකා ගීතානි රාජසේකර වාර්තා කර ඇති ඇයගේ හොඳම පෞදගලික කාලය වන්නේ පැය 2:40:07 ය.එම ක්‍රීඩිකාවන් දෙදෙනාට පසු සුජානි මේ තරගයේදී වාර්තා කළ හොඳම කාලය ලාංකේය මැරතන් ක්‍රීඩිකාවන්ගේ හොඳම මැරතන් කාලය සමඟ සසඳද්දී ගිතානිට සහ හිරුණිට පසුව හොඳම මැරතන් දක්ෂතාවය දක්වා ඇති ක්‍රිඩිකාව බවට සුජානිව පත් කළාය.


නාවික හමුදාව නියෝජනය කරන සුජානි මේ තරගයේදී දැක් වූ දක්ෂතාවය අනුව සමස්ත තරගයේ 12 වැන්නිය ද ආසියානු කළාපයේ පස් වැන්නියද වන්නට සමත් වූවාය.
මේ අතර ශ්‍රී ලංකාවේ බාධක දිවීමේ ඉසව්වෙදී මෙන්ම රට හරහා දිවීමේ ඉසව්වේ ද කැපී පෙණෙන දක්ෂතා දක්වා ඇති සමන්ත පුෂ්පකුමාර මැරතන් ඉසව්වවට නවකයෙකු සේ මෙම තරගාවලියට එක් වූ අතර ඔහු පිරිමි අංශයේ මැරතන් තරගයේදී ආසියානු දක්ෂතා අතර 13 වන තැනට පත් විය.ඔහු සිය පළමු ජාත්‍යන්තර මැරතන් අත්දැකීම හමාර කරන්නට පැය 2:31;27 ක් ගත කළේය.
මෙම තරගයට ප්‍රධාන මැරතන් තරගායට අමතරව දුර දිවීමේ මාර්ග ධාවන තරග විශේෂංග කිහිපයක්ම ඇතුළත් වූ අතර ඒ සියල්ල සඳහා 74000 ක ජනකායක් තරග වැදිණි.ඒ අතර ප්‍රධාන මැරතන් තරගයේ ධාවනයේ යෙදුණ අයෙක් 39 වන කිලෝමීටරය පසු කර සිටියදී අසනීලපය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය යාම මේ තරගයේ දක්ෂතා ගැන සතුටුවන අතරේම ඇසට කඳුළක් නංවන ප්‍රවෘත්තියක් වී ඇත.
මේ සටහන සමග තරගයේ ප්‍රතිපල ආසියානු මට්ටමෙන් ප්‍රකාශ කර තිබුණු ලේඛණයේ ඡායාරූප පිටපත් ද ඇති අතර ඡායාරූපවල සිටින්නේ සුජානි පියුමිකා ය.

