*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය පෙබරවාරි 01 දින සිට නැවතත්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 21 කොළඹ (LNW):පසුගිය දින තාවකාලිකව නතර කළ සෞඛ්‍ය වැඩවර්ජනය පෙබරවාරි 01 දින නැවත ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇති බව පවසයි.

එම සන්ධානය ප්‍රකාශ කළේ. සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 72ක සහභාගීත්වයෙන් පැවති විශේෂ සමුළුවක දී ගත් ඒකමතික තීන්දුවකට අනුව මෙලෙස යළි වර්ජනයක නිරත වීමට තීරණය කළ බවයි,

පසුගියදා ද ඔවුන් වර්ජන රැල්ලක් ක්‍රියාත්මක කළ අතර එහිදී රෝගීන් දැඩි අසීරුතාවයකට පත් වුණි. ඔවුන්ගේ ඉල්ලීම වූයේ වෛද්‍යවරුන් ට වැඩි කළ රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබා දෙන ලෙසටයි.

වර්ජනය අතරවාරයේ වැඩබලන මුදල් අමාත්‍යවරයා විසින් වෘත්තීය සමිති වෙත සාකච්ඡාවක් ලබා දුන් අතර, විදේශගතව සිටින ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙන බවට එහිදි අමාත්‍යවරයා එකඟ වී තිබුණි. ඒ අනුව අදාළ වෘත්තීය සමිති විසින් වර්ජනය තාවකාලිකව නතර කිරීමටයි පියවර ගත් අතර, ඔවුන් යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇත්තේ, බරපතළ අසාධාරණ තීන්දු ගනිමින්, අනවශ්‍ය වර්ජනයක් වෙත සෞඛ්‍ය සේවාව තල්ලුකර දැමූ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශයට විරෝධය දැක්වීමේ අරමුණින් බව පවසයි.

ඒ අනුව ලබන පළමු වනදා සිට දිවයින පුරා යළි වර්ජන සහ විරෝධතා සිදු කිරීමටත් සෞඛ්‍ය වෘත්තීයවේදීන් තීරණය කර තිබෙන බව දන්වයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan