යුක්තිය මෙහෙයුම්වලින් ඊයේත් (20) සැකකරුවන් 987 ක් අත්අඩංගුවට!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 21 කොළඹ (LNW): දිවයින පුරා සිදු කළ යුක්තිය මෙහෙයුම්වලදී ගෙවුණු පැය 24 තුළ සැකකරුවන් 987 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

එම මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 663 දෙනෙකු සහ අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 324 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය පවසයි.

එමෙන්ම හෙරොයින් ග්‍රෑම් 270ක්, අයිස් ග්‍රෑම් 140ක්, මත්පෙති 1080ක් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද පොලිසිය සොයා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනෙකු පිළිබද රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකෙරේ. මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් 14 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු බව වැඩිදුරටත් දන්වයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...