ඉන්දියාව,පකිස්තානය සහ එංගලන්තය ජයපැන් බොති – ශ්‍රී ලංකාව අද සටනට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 21 කොළඹ (LNW): දේශපාලනමය බලපෑම් මත අයිසීසී තහනමට මුහුණ දුන් සහ එයින් ඩොලර් මිලියන 30 ක පමණ පාඩුවක් අත්විඳී ශ්‍රී ලංකාවට අහිමි වූ අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයේ සත්කාරකත්වය ලද දකුණු අප්‍රිකාවේ පැවත්වෙන තරගාවලියේ දෙවන දිනයේ ජයග්‍රහණ අත්පත් කර ගන්නට ඉන්දියාව,පකිස්තානය සහ එංගලන්තය සමත් වූහ.අද ශ්‍රි ලංකාව පළමු තරගයට මුහුණ දෙන අතර ප්‍රතිවාදී කණ්ඩායම වන්නේ සිම්බාබ්වේ ය.

ආසියානු අවුරුදු 19 න් පහළ සූරයින් වූ බංගලාදේශය ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව ඉදිරියේ පරාජයට පත් වූයේ ලකුණු 84 න් ය.පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුලු 7 ට ලකුණු 251 ක් ලැබීය.පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ බංගලාදේශයට ලබා ගන්නට හැකි වූයේ ලකුණු 167 ක් පමණි.

ඊයේ පැවති තරගවලදී විශාලම ජයග්‍රහණය වාර්තා කළ එංගලන්තය ස්කොට්ලන්තය ලකුණු 174 ට දවා ගැනීමෙන් අනතුරුව පන්දු ඕවර් 26.2 දී කඩුලු 3 ට ලකුණු 178 ක් ලබා කඩුලු 7 ක ජයක් වාර්තා කරන්නට සමත් විය.පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර තරගයේදී ද පකිස්තානය ජය ගත්තේ ලකුණු 181 න් ය.ජාතික කන්ඩායම ඇෆ්ගන් වාතාවරණය හමුවේ විදේශිය රටවල වෘත්තීයමය ක්‍රීඩාවේ නියැලෙමින් අත්දැකීම් එකතු කර ගනිමින් සිටිය ද,රටේ පවතින වාතාවරණය මත එරට තාරුණ්‍යය මුහුණ දෙන්නේ කොයිවගේ තත්ත්වයකට ද යන්න පැහැදිළි කර ගැනීමට ඇෆ්ගනිස්තානයේ මේ පරාජය උදාහරණයකට ගත හැකිය.පකිස්තානය කඩුලු 9 ට රැස් කරගත් ලකුණු 284 ට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තානය සියල්ල ලකුණු 103 ට දැවී ගියේය.

ඡායාරූපයේ දැක්වෙන්නේ ඊයේ දිනයේ වාර්තා වූ එකම ශතකය වාර්තා කළ පකිස්තිනයේ ෂහෂිබි ඛාන් ය.ඔහු ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 106 ක් රැස් කරන්නට සමත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...