සාම්ප්‍රදායික සටන් පාඨ දේශපාලනය එපා. IMF එකඟතා ඇති කරගත්තේ බොහෝම විවෘතවයි – සියඹලාපිටිය

Date:

මේ මොහොතේ සාම්ප්‍රදායික සටන් පාඨ දේශපාලනයේ නිරත නොවී සියලු දෙනාම ඉතාම වගකීමෙන් කටයුතු කළයුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

“රට වැටුණු තැන ඉඳලා මෙතැනට ගේන්න අයි. එම්. එෆ්. එකේ මග පෙන්වීම, සහයෝගය අපට විශාල පිටුවහලක් වුණා. ඒ වගේම අපි බොහොම විවෘතවනෙ මේ එකඟතා ඇති කරගත්තෙ. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීමකදී රටේ මුදල් අමාත්‍යවරයා සහ මහබැංකු අධිපතිවරයා ගිවිසුම අත්සන් කරපුවාම ඒ ගිවිසුම වලංගුයි. මෙතෙක් කල් රටේ බොහෝවිට වුණේ එහෙම තමයි. හැබැයි මේ වතාවේ අපි දින ගණනක් පාර්ලිමේන්තුවේ විවාද කරලා, මේ වගන්තියෙන් වගන්තියට සියලු දෙනා දැනුවත් කරලා තමයි මේ කටයුතු කළේ. ඉතින් අයි එම් එෆ් එකත් එක්ක අපි ඇති කරගත්ත ගිවිසුමේ තියෙන මූලිකම රාමුව වැදගත් වුණා. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම අවශ්‍ය නැද්ද ? රාජ්‍ය වියදම කළමනාකරණය කරගැනීම අවශ්‍ය නැද්ද ? මහබැංකුව ස්වාධීන වීම අවශ්‍ය නැද්ද ? උද්ධමනය පාලනය කළයුතු නැද්ද ? මෙන්න මේ වගේ සුවිශේෂී කාරණානෙ අපි මේ එකඟතාවය ඇති කරගෙන තියෙන්නෙ. මේකෙන් අයි එම් එෆ් එකට ලැබෙන ප්‍රතිලාභයක් නෑ. මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරගැනීම සඳහා ඔවුන්ගෙ මග පෙන්වීම සහ සහයෝගය අපි ලබාගෙන තිබෙනවා. ඉතින් මේ තියෙන ප්‍රධාන කරුණුවලට කවුරුහරි විරුද්ධ නම් තමයි ඒක වෙනස් කරන්න ඕනෙ ඇත්තෙ. මම හිතන්නෙ මේ මොහොතෙ සාමාන්‍ය සටන් පාඨ, ජනප්‍රිය දේ කතා නොකර ජනප්‍රිය නොවන දේ කතා කරගෙන රටත් එක්ක ඉස්සරහට යන එක තමයි හැමදෙනාගෙන වගකීම වෙන්නෙ”

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (21) අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රිය අනතුරකින් තුවාල ලබයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉලංගෛ තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ...

අදත් බැකෝ සමන්ගේ ගෝලයකු ආයුධත් සමඟ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : සංවිධානාත්මක අපරාධකරුවෙකු වන...

අවුරුදු 16ට අඩු දරුවන්ට ශක්තිජනක පාන වර්ග තහනම් කිරීමට එංගලන්තය සැරසේ….

එංගලන්තයේ වෙසෙන අවුරුදු 16ට අඩු දරුවන්ට රෙඩ් බුල්, මොන්ස්ටර්...

ඊශ්‍රායලයේ දෝහා ප්‍රහාරයෙන් පසු කටාර්හි අරාබි-ඉස්ලාමීය සමුළුව සඳහා නායකයින් රැස්වෙති!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සතියේ දෝහා...