ශ්‍රී ලංකා ආයෝජකයින්ට බංග්ලාදේශයේ FBCCI සභාපති මහබුබුල් අලාම්ගෙන් ආරාධනාවක්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 22 කොළඹ (LNW): බංග්ලාදේශයේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FBCCI) සභාපති මහබුබුල් අලාම් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ට සහ ආයෝජකයින්ට බංග්ලාදේශයේ විශේෂ ආර්ථික කලාපවල ආයෝජනය කරන ලෙස ආරාධනා කරයි.

මහබුබුල් අලාම් මහතා මෙම කැඳවීම සිදු කළේ ඉරිදා (21) දින බංග්ලාදේශයේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ හි ගුල්ෂාන් කාර්යාලයේදී බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධර්මපාල වීරක්කොඩි සමඟ පැවති සුහද හමුවකදී බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

බංග්ලාදේශයේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සභාපතිවරයා මෙහිදී පැවසුවේ රජය බංග්ලාදේශය පුරා විශේෂ ආර්ථික කලාප 100 ක් ස්ථාපිත කරන බවයි.

“ තෙල්, ගෑස් සහ විදුලිය ඇතුළු සියලුම පහසුකම් මෙම ආර්ථික කලාපවල සපයනු ලබන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. බංග්ලාදේශයේ ව්‍යාපාර සහ ආයෝජන පහසු කිරීම සඳහා ආකර්ශනීය දිරිගැන්වීම් ඉදිරිපත් කර ඇති බව Mahbubul මහතා කියා සිටී.

“ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයින්ට තමන්ගේම හෝ හවුල් ව්‍යාපාරවල කර්මාන්ත පිහිටුවීමෙන් ප්‍රතිලාභ ලැබිය හැකි බවත් ” ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

ඇඟලුම්, ඖෂධ, පාරිසරික සංචාරක සහ ආගන්තුක සත්කාරය බංග්ලාදේශයේ විශේෂ තැනක් ගන්නා බවද මහබුබුල් අලාම් මහතා පැවසුවේය.

“ශ්‍රී ලංකාවේ ආයෝජකයින්ට බංග්ලාදේශයේ ආයෝජනය කිරීමට අවශ්‍ය නම්, බංග්ලාදේශයේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සහාය ලබා දෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම හමුවේදී අදහස් දක්වමින් බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධර්මපාල වීරක්කොඩි මහතා පැවසුවේ බංග්ලාදේශයේ ව්‍යාපාර කිරීමට උනන්දුවක් දක්වන බොහෝ ව්‍යාපාරික ව්‍යවසායකයින් ශ්‍රී ලංකාව සතුව සිටින බවයි.

මීට අමතරව, ශ්‍රී ලංකාවට සෑම වසරකම බංග්ලාදේශයෙන් විශාල සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණෙන අතර දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම වැඩි කිරීමට මේ සුදුසු කාලය බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය බංග්ලාදේශයේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ නායකයින්ගේ පැසසුමට ලක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...