දිවයින පුරා මෙහෙයුම් වලින් ඊයෙත් (21) අපරාධකරුවන් 910 ක් අල්ලයි!

0
187

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 22 කොළඹ (LNW): දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 676 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 234 ක් සමගින් මුළු සැකකරුවන් 910 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඊයේ දිනට පහත මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.

හෙරොයින් 65kg 300 g
අයිස් 136g
ගංජා 12 kg 600 g
ගංජා පැල 51,146
මාවා 661 g
මදන මෝදක 157 g
මත්පෙති 254

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 676 දෙනා අතරින් සැකකරුවන් 17 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, නීති විරෝධී වත්කම් විමර්ශන 01 ක් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 02 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 19 ක්ද අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 234 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 35 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 191 ක්ද සිටි.

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 01 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 07 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි.