ඇෆ්ග­නි­ස්තා­න­යේදී පෞද්ග­ලික ගුවන් යාන­යක් අනතුරට පත්වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 22 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායි­ල­න්තයේ  සිට ඉන්දි­යාව හරහා රුසි­යාවේ මොස්කව් නුවර බලා පියා­සර කළ පුද්ග­ල­යන් 6 දෙනකු  රැගත් පෞද්ග­ලික ගුවන් යාන­යක් ඇෆ්ග­නි­ස්තා­න­යේදී කඩා වැටී ඇතැයි විදෙස්  මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත්  වාර්තා කළේ, උතුරු ඇෆ්ග­නි­ස්තා­නයේ බඩ­ක්ෂාන් ප්‍රාන්තයේ කඳු­වැ­ටි­යක  ගැටී­මෙන් එම ගුවන් යානය කඩා වැටී විනාශ වූ බවයි.

අන­තු­රට පත් ගුවන් යානය රුසි­යාවේ ලියා­ප­දිංචි කළ ගිලන් රථ ගුවන්  යාන­යක් බව රුසි­යානු ගුවන් සේවා අධි­කා­රිය ප්‍රකාශ කර ඇති අතර, අන­තු­රට පත්වන  මොහොතේ එහි පුද්ග­ල­යන් 6 දෙනකු සිටි බව ද තහ­වුරු කර තිබේ.

විදෙස් මාධ්‍ය  තවදුරටත් සඳ­හන් කළේ, එම විශේෂ ගුවන්  යානය උස්බෙ­කි­ස්තා­නය ඔස්සේ මොස්කව් නුවර බලා පියා­සර කර­මින් තිබූ බවත්, කඩා  වැටී­මට පෙර රේඩාර් පද්ධ­ති­යෙන් අතු­රු­දන්වී තිබූ බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවට “රුසෝෆෝබියාව” ඇති බවට පෝලන්තයෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 'පෙර නොවූ විරූ...

චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කරයි:රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ගිය දුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර රාජ්‍ය...

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...