කෘතිම බුද්ධිය තුළින් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් බලගන්වනවා – රමේෂ් පතිරණ

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 22 කොළඹ (LNW): ශ්‍රී ලංකා සෞඛ්‍ය පර්යේෂණ සඟරාව (Sri Lanka Journal of Health Research) එළිදැක්වීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. ඒ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඒ අනුව 2022 වසරේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාලව සිදුකෙරුණ පර්යේෂණ පත්‍රිකා ඇතුලත් මෙම පර්යේෂණ සඟරාව එහිදී එළිදැක්වීම සිදු වූ අතර, මෙය එහි දෙවැනි වෙළුම වේ.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී, පරිපාලන කටයුතු විධිමත් කිරීමේ සිට රෝග විනිශ්චය නිරවද්‍යතාවය වැඩි දියුණු කිරීම දක්වා, කෘතිම බුද්ධිය මඟින් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සත්කාර සැපයීමට බල ගන්වන බව ද පෙන්වා දෙන ලදි.තවද, ඉදිරි වසරවලදී කෘතිම බුද්ධිය සෞඛ්‍ය සේවාවේ විප්ලවීය වෙනසක් ඇති කරන බව මෙහිදී අමාත්‍යවරයා පැහැදිලි කළේය,

මෙරට වෛද්‍ය පීඨ 11 ක් වන බවත්, මෙවැනි නවීන තාක්ෂණික මෙවලම් සමග සෞඛ්‍ය සේවාව ද ඉදිරියට යා යුතු බවත් වෛද්‍ය විෂයමාලාවට කෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණික විෂයන් ඇතුලත් කිරීම සහ එමගින් සෞඛ්‍ය සේවාවේ ඉදිරිය තව තවත් ශක්තිමත් කිරීම මෙන්ම  නවක පරපුර තාක්ෂණික යුගයට සැළසුම් සහගතව අවතීර්ණ කිරීමේ ඇති වැදගත්කම පිළිබදව ද අවධානය යොමු විය යුතු බව ද‌ මෙහි දී සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

සෞඛ්‍ය සේවාවේ උන්නතියට මෙම ප්‍රකාශණයේ තොරතුරු ඉතා වැදගත් වනවා මෙන්ම ක්ෂේත්‍රයේ විද්වත් මණ්ඩලයක සහ ප්‍රවීණයින්ගේ නිර්දේශ මත වෛද්‍ය ආචාරධර්ම හා විද්‍යාත්මක න්‍යායවලට අනුකූලව මෙම සෞඛ්‍ය පර්යේෂණ සඟරාව ප්‍රකාශයට පත් කරනු ලැබිණ.

මෙම සඟරාවෙහි 2022 වසර තුල වෛද්‍ය, හෙද, සහ පරිපූරක වෛද්‍ය ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාලව සිදු කරනු ලැබු පර්යේෂණ  තොරතුරු පත්‍රිකා ඇතුලත් වේ.

අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ වසරකට එක්වරක් එළිදක්වනු ලබන මෙම ප්‍රකාශණය ඉදිරියේ දී වසරකට දෙවරක්  එළිදැක්වීමට අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...