මේ මඟ හැර වෙන මඟක් නෑ මිත්‍රවරුනි – රංගේ බණ්ඩාර

Date:

කොළඹ LNW: ජනාධිපතිවරණයේදී කබ්බෝ ෆෝම් නොකර වැඩ්ඩෝ රජ කරවීමට ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

මේ රටට වත්මන් ජනධිපතිවරයා ගමන් මඟ හැර වෙනත් මාවතක් නොමැති බවයි රංගේ බණ්ඩාර මහතා සඳහන් කරන්නේ.

රට නැගිටු ආකාරයට එක්සත් ජාතික පක්ෂයද දැන් නැගිටිමින් සිටින අතර රට නැවත අසාධ්‍ය තත්ත්වයට පත්වුවහොත් යළි ගොඩඒමක් නොමැති බවද ඔහු කියා සිටියි.

”ශ්‍රී ලංකාව කියන අසාධ්‍ය රෝගියා දැන් ICU එකේ ඉඳලා ටිකට් කපාගෙන ගෙදර ඇවිල්ල දැන් සුවයෙන් ඉන්නවා. නැවත රෝගී වුණොත් වෙන්නේ ICU එකෙන් මෝචරියට මිස නැවත සුව වීමක් වෙන්නේ නැහැ. මේක අපි රටේ ජනතාවට තේරුම් කරදිය යුතුයි. මේක අපි පුළුවන් තරම් කතා කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂයත් රට නැගිටිද්දී පක්ෂයක් විදියට නැගිට්ටා. සමාජයේ සමහර මත තියෙනවා. ජේ.වී. පී එක්ක යනවා කියලා, සජබත් එක්ක යනවයි කියලා විවිධ මත තියෙනවා. දැන් ඒ අය ගමන ගිහිල්ලත් ඉවරයි. අපි තාම හැබැයි පටන් ගන්නවා. ජනවාරි 13 වෙනිදා අපි වජිර අබේවර්ධන මැතිතුමාගේ සංවිධානයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් අපි අපේ ප්‍රචාරණ වැඩ කටයුතු ආරම්භ කරලා, කළුතර, හම්බන්තොට, රත්නපුර,නුවර කියන දිස්ත්‍රික්ක ආවරණය කරමින් අපේ ව්‍යාපාරය අපි ආරම්භ කරලා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණට හරි, සජබයට හරි අපි අභියෝග කරනවා. පුළුවන්නම් දින දෙකකින් මෙවැනි රැලි පහක් කරලා පෙන්නන්න කියලා. මැරෙන්න එනකොට තමයිලු අලියගෙ හයිය පේන්නේ. එහෙනම් අපේ සංවිධාන කටයුතුවලින් අපිට දැන් අපේ හයිය ගැන වැටහීමක් ලැබිලා තිබෙනවා. ඒ වගේම අපි දන්නවා ජනාධිපතිතුමා යන මේ මගහැර වෙන මඟක් නැහැ. ඒ මගේ යන්න පුළුවන් එකම නායකයා අපිට ඉතිරි වෙලා හිටියා. සියලු දෙනාම එකතුවෙලා එතුමාව ඉදිරි ඔක්තෝම්බරේදී ජයග්‍රහණය කළ යුතු වෙනවා. ඒ නිසා ජනාධිපතිවරණයේදී කබ්බ ෆෝම් කරන්නේ නැතුව වැඩ්ඩෝ රජ කරවන එකක් බවට පත්කරමුයි කියන පණිවිඩය මම ලබා දෙන්න කැමතියි.”

මහලේකම්වරයා මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (21) එක්සත් ජාතික පක්ෂයේ කථිකයින් පුහුණු කිරීමේ වැඩමුළුවකට එක්වෙමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිලාන් ගේ ගොඩට කුසලුත් වැටෙයිද?

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 78 ක ජයක්ප්‍රභාත්ගෙන් ලකුණු 56 ට කඩුුලු 5 ක්

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

CAVA 19 පහළ කාන්තා තරගාවලියට සහ ජාතික වෙරළ වොලිබෝල කණ්ඩායම්වලට දක්ෂයන් තෝරයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ...

ලබා දුන් සහයෝගයට ස්තූතියි: ඉරාන – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් හමුවෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන විදේශ...