පොලීසියෙන් අද සිට තවත් අළුත් මෙහෙයුමක්!

කොළඹ LNW:පොලිස් සමීප රූප ආවේශණ කොට්ඨාසය විසින් අද (22) සිට නව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඒ,කොළඹට ඇතුල්වෙන රථවාහන වැරදි නිරීක්ෂණය කිරීම සඳහා වූ CCTV පද්ධති පරීක්ෂාව සහ ජංගම නිරීක්ෂණ සේවයයි.

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා කොළඹට ඇතුල්වෙන ස්ථානවල පුවරු සවි කිරීමද අද ආරම්භ විය.

ඒ අනුව රාජගිරිය මාර්ගයේ සවිකළ මහජනතාව සහ රථවාහන රියදුරන් දැනුවත් කිරීමේ පුවරු අද (22) විවෘත කෙරුණි.

උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු මෙම අවස්ථාවට එක්වූ අතර එම මාර්ගයේ පොලිස් CCTV ජංගම රථවලින් මාර්ගය නිරීක්ෂණ කටයුතු ද සිදු කරන ලදී.

අපරාධ හා රථවාහන මාර්ග ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ,නියෝජ්‍ය පොලිස්පති රථවාහන ඉන්දිකහපුගොඩ මහතාඇතුළු උසස් පොලිස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්විය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...