නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් අංශයෙන් අලුත් වැඩක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 22 කොළඹ (LNW): පෙබරවාරි මාසයේ සිට, තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම සහිතව වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සහ න්‍යායාත්මක පෙරහුරුවක් සහිත වැඩසටහනක් , මෙවර උසස් පෙළ හදාරා අවසන් කරන පාසල් සිසු සිසුවියන්ට ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටී.

අමාත්‍යවරයා කියා සිටියේ, අපොස උසස් පෙළ අධ්‍යාපනය අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වෘත්තීය පුහුණු වැඩසටහන දිවයිනේ තෝරාගත් පාසල් 299ක දී ක්‍රියාවට නංවන බවයි.

2024 ජනවාරි මස අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 2024. 02 .09 දිනට පෙර මෙම වැඩසටහනට ලියාපදිංචි විය හැකි බව දැනුම් දෙයි.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරීන්ගෙන් ලබාගත හැකි බවද පැවසේ.

අමාත්‍යවරයා මේ අදහස් පළ කර සිටියේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් අංශය විසින් සංවිධානය කරන මෙම විශේෂ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති වැඩසටහනක දීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාය යෑමේ අවධානම නිසා වරකාපොළ පවුල් 11ක් ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : වරකාපොළ ප්‍රාදේශීය කොට්ඨාසයට...

සමාජ සුබසාධක ප්‍රතිලාභ දීම ගැන අලුත් තීරණයක්!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය...

ජලයෙන් යටවූ  නිවාස පිරිසිදු කිරීමේ දීමනාව අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : පසුගියදා ඇතිවූ...