ඉල්ලා අස්වෙනවා නම් අස්වීම් පිළිගන්න සූදානම් – ඇමති කංචන ලංවිම සේවකයන්ට දන්වයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 22 කොළඹ (LNW): ලංවිමට ගෙවිය යුතු සියලුම මුදල් අයකර ගන්නා ලෙසත්, ඕනෑම පුද්ගලයෙකුගේ ඉල්ලා අස්වීමක් පැකිලීමකින් තොරව පිළිගන්නා ලෙසත්, ලංවිම කළමනාකාරීත්වයට උපදෙස් දී ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන්කළේ, ලංවිම ප්‍රතිසංස්කරණ, පිරිවැය අඩු කිරීමේ යාන්ත්‍රණ, ජනන සැලැස්මේ හදුනාගත් බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ඩිජිටල් ගෙවීම් වේදිකාව පුළුල් කිරීම සහ ගෙවීම් එකතු කිරීම් බාහිරින් ලබා ගැනීම සහ ලංවිම සේවාවන්ට බාධා කරන පුද්ගලයින්ට එරෙහිව විනය හා නීතිමය පියවරයන් සම්බන්ධ කටයුතු කඩිනම් කරන ලෙසද අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.

එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළේය,

ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ, ලංකා විදුලිබල මණ්ඩලයේ 5,000ක පමණ සේවක පිරිසක් එකවර එක මොහොතක ඉල්ලා අස්වීමට එකඟතාවය පලකර ඇති බවටයි.ඒ සඳහා ප්‍රතිචාර දක්වමින්, අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, එලෙස ඉල්ලා අස්වන පුද්ගලයින් ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු සියලුම මුදල් අය කරගන්නා ලෙසයි.

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව වර්ජනයේ නිරත වූ සේවකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට විරෝධය පළ කරමින් මෙම සේවකයන් සිය සේවයෙන් ඉවත් වන බව මීට පෙර ප්‍රකාශ කර සිටියා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...