හොකී සිය වසක ඉතිහාසයේ දින 36 න් එක රටක් කෘතිම ක්‍රීඩා පිටි දෙකක් දිනා ගැනීමේ වාර්තාව ශ්‍රී ලංකාවට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 23 කොළඹ (LNW): සිය වසක ඉතිහාසයක් ඇති ජාත්‍යන්තර හොකී සම්මේලනයේ එක රටක් වෙනුවෙන් කෘතිම හොකී පථ දෙකක් ලබා දීමට දින 36 ක් ඇතුළත අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ හැකියාව සහ භාග්‍යය උදා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.පළමුවරට දෙසැම්බර් 15 වන දා අත්සන් කරන්නට යෙදුණ අවබෝධතා ගිවිසුමෙන් ඉනික්බිති දෙවන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ජනවාරි 21 වන දා ඕමානයේදී සිදු විය.

දෙවන අවබෝධතා ගිවිසුම වෙනුවෙන් ද මෙරට නියෝජනය කරමින් සහභාගි වූයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දුය.ජාත්‍යන්තර සම්මේලනයේ උප සභාපති සහ ඕමාන් හොකී සංගමයේ සභාපති ආචාර්ය මාර්වන් ජුමා අල් ජුමා සහ ඔහු අතර සිඳුවූ අවබෝධතා ගිවිසුමට අනුව මාතලේ සහ කොළඹ යන දෙඅංශයේම සිවිල් ඉංජිනේරු කටයුතු නිවැරදි කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් අවසන් කළහොත් ශ්‍රී ලංකාවට ඉක්මනින් තණතීරු දෙකම භුක්ති විදීමේ හැකියාව ලැබෙනු ඇත.ඒ බව ජාත්‍යන්තර හොකී සම්මේලන සභාපතිවරයා වන ඩාටෝ ටයාබ් ඉක්රම් ද කරුණු දක්වා ඇත.

මෙම ගිවිසුම අත්සන් කිරීමට යාමේදී මීට පෙර මෙවැනි පරිත්‍යාගවලදී සම්බන්ධීකරණ කටයුතු සිඳුව ඇත්තේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හරහා බව ද,එවැනි අවස්ථාවක ලබා දීමට යෝජනා වී ඇති හොකී ක්‍රීඩා පථයක් පිළිබඳව දේශපාලකයන් අතින් නොව රාජ්‍ය නිලධාරීන් අතින් සිඳු වී ඇති පමාවක් සහ අතපසුවීමක් හේතුවෙන් එම ධාවන පථය ලංකාවයට අහිමි වී තිබෙන බව ද ජාත්‍යන්තර හොකී සංගම් සභාපතිවරයා ඉඟියක් ලබා දී ඇත.මෙම කාරණයේදී ජනාධිපතිවරයාගේ අවධානය මෙන්ම වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ වෙහෙසත්,ඒවා සම්බන්ධීකරණය කරමින් නිලධාරියෙක් ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දුත් කරනු ලබන කැපවීම අගය කිරීමට ජාත්‍යන්තර හොකී ප්‍රධානීන් කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...