කැරට් මිල අඩුවෙයිද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 23 කොළඹ (LNW): ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් නුවරඑළියේ පිහිටි බෝපත්තලාව හා මැණික්පාළම ගොවිපොළවල වගා කළ කැරට්, ගෝවා සහ රාබු වගාව මේ වනවිට ඉතාමත් සරුවට වැවී ඇති බව එම මණ්ඩලයේ නිලධාරින් කියා සිටී.

මේ පිළිබඳව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම්වත් කර ඇති බව වාර්තා වේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනවලට අයත් ඉඩම්වල එළවළු වගා කරන ලෙස අමාත්‍යවරයා දී තිබු උපදෙස් අනුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය නුවරඑළිය බෝපත්තලාව හා මැණික්පාළම ගොවිපොළවල අක්කර 25ක කැරට් හා ගෝවා වගා කර ඇති බව සඳහන් වේ.

පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පවසන්නේ, ඒ අනුව මේ වනවිට එහි අස්වනු නෙළන අතර එම ගොවිපොළ දෙකෙන් ඉහළ අස්වැන්නක් ලැබෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...