ඉතා කෙටි කාලයකින් අපි දියුණු වුණු එක ගැන බොහෝ ලෝක නායකයින් පුදුමයට පත්වුණා – ජනාධිපති රනිල්

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 25 කොළඹ (LNW): සපුගස්කන්ද අබේසේකරාරාමයේ රන්වැට විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, බංකොලොත් වූ මෙරට ආර්ථිකය කෙටි කලකින් නැවත යථා තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් විදෙස් නායකයින් පවා විමතියට පත්වූ බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසූවේ,

“මම ඒ ආණ්ඩුව භාර ගත්තේ… එදා ඒ ආර්ථික කැඩිලා තිබුණේ . ඒ ආර්ථිකය නැති වෙන්න තිබුණේ. මිනිස්සුන්ට ජීවිත් වෙන්න ආහාර තිබුණේ නෑ. ආදායම් තිබුණේ නෑ. ඉන්ධන තිබුණේ නෑ. මේ රට බේරාගන්න ඕනේ නිසා, ආර්ථිකය හදන්න ඕනේ නිසා ඒක කරන්න පුළුවන් කියන විශ්වාසය තිබුණ නිසා… මම මේ රටේ ජනාධිපතකම භාර ගත්තා.”

“අවුරුදු 2ක් ගිහින් තියෙන්නේ… ක්‍රමාණුකූලව සමාන්‍ය තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ . ණය ගෙවීම් ප්‍රශ්න තියෙනවා. ආර්ථික ප්‍රශ්න තියෙනවා… මේ තියෙන්නේ ආර්ථිකයක් ගොඩ ගන්නකොට තියෙන ප්‍රශ්න. අපි දැන් එතනින් ඉදිරියට ගිහින් ඉන්නේ.” 

“ඉතා කෙටි කාලයකින් අපි දියුණු වුණු එක ගැන බොහෝ ලෝක නායකයින් පුදුමයට පත්වුණා. ඉදිරියේදී ආර්ථිකයේ ස්ථාවර භාවයක් ඇති වේවි.”

“රටේ ආදායම් වැඩිකරන්න ඕනේ. ඒ නිසා තමයි කනගාටුවෙන් හරි වැට් වැඩි කරන්න සිදුවුණේ.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...