වික්සිත් භාරත් හෙවත් සංවර්ධිත ඉන්දියාවක් යන තේමාවෙන් ඉන්දියාව 75 වැනි ජනරජ දිනය සමරයි!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 26 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):අද(26) දින ඉන්දියාව 75 වැනි ජනරජ දිනය සමරයි. 

එහි තේමාව, වික්සිත් භාරත් හෙවත් සංවර්ධිත ඉන්දියාවක් යන්නයි.

මෙවර ඉන්දීය ජනරජ දින උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන් සහභාගී වෙන බව වාර්තා වේ.

1947 බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූ ඉන්දියාව ස්වකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර එය ක්‍රියාත්මක කරන්නේ, 1950 වසරේ ජනවාරි 26 වැනිදා සිටයි. ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගී සිටීම සමරමින් එදින සිට ඉන්දියාව වාර්ෂිකව ජනරජ දිනය සමරයි. 

නවදිල්ලි නුවර රාජ්පාත්හි පැවැත්වෙන මෙවර ජනරජ දින පෙළපාලිය, හමුදා උත්තමාචාර, සංස්කෘතිකාංග ඇතුළු විචිත්‍රාංග රැසකින් සමන්විත වන අතර, 77,000 කට අසුන් ගත හැකි එහි ජනතාව වෙනුවෙන් පනවා ඇති ආසන සංඛ්‍යාව 42,000 කි.

ඉන්දියාවේ අභිමානවත් පුරවැසියන් වෙනුවෙන් මෙවරත් භාරත රත්න, පද්ම ශ්‍රී සහ පද්ම භූෂණ ගෞරව සම්මාන පිරිනැමීමට නියමිත බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...