GMOA වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අත්හරී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 26 කොළඹ (LNW): අද දින (26) ප්‍රභූ ගිලන්රථ සේවා සහ ජංගම, සෞඛ්‍ය කඳවුරුවලට නොපැමිණීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සුදානම් කළ ද, ඉන් කොන්දේසි සහිතව ඉවත් වන බව ප්‍රකාශ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය (GMOA) තීරණය කර තිබෙන බව වාර්තා වේ.

මෙම ජනවාරී මාසයේ සිට DAT දීමනාව ලබා දීමට රජය එකඟව සිටියද ඒ තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබිණි. මේ තත්වයන් මත වෛද්‍යවරුන් යළි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණය වීමේ අවදානමක් මතුව තිබිණි.

එසේම සෙසු සෞඛ්‍ය වෘත්තීය සමිති වැටුප් වර්ධකය ලබා නොදීමට එරෙහිව දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කළ ද පසුව ජනාධිපතිවරයා ඇතුළු අදාළ බලධාරීන්ගේ මැදිහත්වීමෙන් එම තත්වය පහව ගොස් ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ අත්තනෝමතික හැසිරීම පරාජයට පත් කරමින් වෛද්‍යවරුන්ට ලැබිය යුතු සාධාරණය ඉටු කිරීමට මැදිහත් වූ ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ට GMOA මහා කමිටුව විසින් කෘතඥතාවය පළ කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ වායුගෝලයේ කැළඹීමක් – අද (14) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි...

මට දැන් කියන්නෙ ‘දුඹුරු සීනි පියා’ කියලා. මම ඒකට කැමතියි – ඇමති හඳුන්නෙත්ති

දේශීය දුඹුරු සීනි ප්‍රචලිත කිරීම සඳහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්...

රසිඳු අංක එකේ ක්‍රීඩකයාට ඉහළින්ම අභියෝගයක් වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: BNI Indonesia International Challenge...