විදුලි බිල නොගෙවීමෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානය අඳුරේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 26 කොළඹ (LNW): විදුලි බිල නොගෙවීම හේතුවෙන්, බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කර ඇති බව වාර්තා වේ.

විදුලිය නොමැතිව දින දෙකක් පමණ දුම්රිය ස්ථානයේ කටයුතු වෙනත් ආධාරක මගින් පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්වේ.

මේ හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්යමණ්ඩලය මෙන්ම දුම්රිය භාවිත කරන මගී ජනතාව ද දැඩි අපහසුතාවයට පත්වී ඇති බව වාර්තා වේ.

විදුලිය විසන්ධි කිරිම හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ නිවේදන කටයුතු සිදු වන්නේද නැති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...