මිලියන 26 කට අධ්‍යාපනය අහිමි පාකිස්තාන් දරුවෝ!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 27 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැඩි ආර්ථික හා දේශපාලනික අර්බුදයකට මැදි වී සිටින පාකිස්තානයේ දරුවන්ගෙන් මිලියන 26.21ක් පාසල් අධ්‍යාපනයෙන් බැහැරව සිටින බව එරට අධ්‍යාපන ආයතනයේ නව වාර්තාවකින් හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මීට පෙර නිව්ස් ඉන්ටර්නැෂනල් පුවත් සේවයට අනුව එම සංඛ්‍යාව මිලියන 22.02ක්ව තිබූ බව ද වාර්තා වේ.

නිව්ස් ඉන්ටර්නැෂනල් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේ , පාසල් අධ්‍යාපනය බිඳ වැටීම ඉදිරියේදි එරට අනාගතයට දැඩි බලපෑමක් එල්ල වන කරුණක් වී ඇති බවයි.

පාකිස්තාන අධ්‍යාපන සංඛ්‍යාලේඛන ආයතනයේ 2021-22 වාර්තාව මඟින් එරට පාසල් අධ්‍යාපනයෙන් බැහැරව සිටින දරුවන්ගේ සංඛ්‍යාව සම්බන්ධයෙන් විමතිය දනවනසුලු කරුණු රැසක් හෙළි වී ඇති අතර, පාසල් යා යුතු වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් 39% ක් දැනට පාසල් අධ්‍යාපනයෙන් බැහැරව සිටීම බරපතළ තත්ත්වයක් බව ද පෙන්වා දී ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...