ඉන්දීය මහ කොමසාරිස්ගෙන් ලංකාවේ විදුලි පිරිවැය අඩුකිරීමට නව අදහසක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 28 කොළඹ (LNW): ඉන්දියාවේ කොචි සිට කොළඹ දක්වා ද්‍රව ස්වභාවික වායු හෙවත් LNG නල මාර්ගයක් සැකසීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ විදුලි පිරිවැය අඩුකිරීම සඳහා එය වඩාත් මහෝපකාරී වනු ඇතයි ඔහුගෙ අදහස වේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා එහිදී පැවසුවේ, ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳ හවුල්කරුවා වන බවත්, මෑත වසරවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම විදේශ ආයෝජකයා ද වන බවයි.

“2023 ජූලි මාසයේ සිට අපි යාපනය සහ චෙන්නායි අතර දෛනික ගුවන් ගමන් ආරම්භ කර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යාත්‍රා සේවා දියත් කර තිබෙනවා. නිදහස් වෙළඳ ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයකට වඩා වැඩි අපනයන අවස්ථා ඉන්දියාවට විවෘත කළා සේම, ආර්ථික සහ තාක්ෂණ සහයෝගිතා ගිවිසුම කඩිනමින් අවසන් කිරීම තුළින් අපගේ ආර්ථික හවුල්කාරිත්වය වැඩිදියුණු කිරීමටත්, ශ්‍රී ලංකාවේ අපනයන විභවයන් වැඩිදියුණු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ආරක්ෂාව හෝ සංවර්ධනය පිළිබඳ කාරණා සම්බන්ධයෙන් අපගේ අවශ්‍යතා එකිනෙකට බැඳී තිබෙනවා” යනුවෙන් ද පැවසීය.

මහ කොමසාරිස්වරයා සදහන් කර සිටියේ, “විශේෂයෙන්ම පසුගිය දශකය තුළ ඉන්දීය ආර්ථික ගමන ද විශිෂ්ටයි. ඉන්දියාව දැන් ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකයයි. අපි දැන් 5 වන විශාලතම ආර්ථිකය වන අතර 2027-2028 වන විට 3 වන විශාලතම ආර්ථිකය බවට පත්වීමට සූදානමින් සිටිමු. වසර දහයකට පෙර අප 10 වැනි ස්ථානයේ සිටි බව පෙන්නුම් කරන්නේ මෙම ගමනේ වේගයයි ” යනුවෙනි.

ඔහු මෙම අදහස් පළකළේ ,ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනය නිමිත්තෙන් ඉන්දියා හවුස් හි පැවැති උත්සවයකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

Update : පෑලියගොඩ වෙඩිතැබීම – තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19)...